පෙම් ඇදුරාණෝ – පවනි උමයංගනා

රු 800.00

  • USD: 2.71$

Book – Pem Adurano
Author – Pawani Umayangana

Add to Wishlist
Add to Wishlist
SKU: E 002 Categories: , Tag:
Guaranteed Safe Checkout

“හායි ඩාර්ලින්ග්.. ගුඩ් මෝර්නින්ග්..”
ඔහු හෝටලයේ පිටුපස දොරෙන් ඇතුළට යද්දීම තරුණියක් ඔහුගේ ගෙල බදා ගනිමින් පැවසූ විට ඔහු ද සිනාසෙමින් ඇය වැළඳ ගත්තේය.
“ගුඩ් මෝර්නින්ග් සිල්වි බේබි…”
ඔහු කියද්දී ඇය එක්වරම ඔහුගේ ගෙලෙන් දෑත් මුදවාගෙන ඈතට වූයේ ඔහුට රවමිනි.
“මම ඔයාත් එක්ක තරහයි සසී..”
ඔහු, ඇය දෙස කුතුහලයෙන් බැලුවේ ඒ මන්දැයි වටහා ගත නොහැකිවය.
“ඊයේ මාත් එකක් ඩිනර් ගන්න එනවා කව්ි වා.. මම කොච්චර වෙලා බලාගෙන හිටියද..? කී සැරයක් ඔයාට කෝල් කළා ද..? ෆෝන් එකවත් වැඩ කළේ නෑ..”
ඇය මුහුණ ද බෙරි කරගෙන නෝක්කාඩු කියද්දී ඔහු දිව සපා ගත්තේ එය සහමුලින්ම අමතක වී තිබූ නිසාය.
“එක්ස්ටී්‍රම්ලි සොරි ඩාර්ලින්ග්.. ඊයේ ගොඩක් රෑ වෙනකම් වැඩ තිබ්බ නිසා මට ඒක අමතක වුණා..”
“බොරු කියන්න එපා සසී.. මම කිචන් එකට කෝල් කළේ රෑ අටටත් කලින්.. ඒ වෙද්දීත් ඔයා ගිහින් කිව්වා..”
ඔහු හිස කසා ගත්තේ පැවසූ බොරුව එසැණින්ම හසු වූ නිසාය.
“හරි හරි.. මම අද එන්නම් ෂුවර් එකටම.,”
“අනේ මේ ඔයාගේ බොරු පොරොන්දු මම විශ්වාස කරන්නේ නෑ.. ඉස්සෙල්ලා ගුඩ් මෝර්නින්ග් කිව්වේ පුරුද්දට.. නැත්නම් එහෙමවත් කියන්න වටින්නේ නෑ..”
ඇය හිස ගස්සාගෙන එතැනින් යද්දී ඔහු සිනාසෙමින් හිස දෙපසට වනා හෝටලයේ කුස්සිය දෙසට අල්ලා තිබූ කුඩා කාමරයට ඇතුල් විය. එය සකස් කර තිබුණේ කුස්සියේ වැඩ කරන කණ්ඩායමට ඇඳුම් මාරු කර ගන්නට විවේකයක් ගන්නට, අසනීප අවස්ථාවක රැඳී සිටින්නට හැකි අන්දමිනි. ඇඳන් දෙකක් බිත්ති කබඩයක්, මේසයක් හා එයටම අල්ලා නාන කාමරයක් ද තිබිණි. සසිඳු කළු පැහැති කලිසම හැඳගෙන හැඳ සිටි ටී ෂර්ටයට උඩින් කළු පැහැතිම කෝට් එක දමා ගෙන එහි අත් වැලමිට තෙක් නමා ගත්තේය. සිය අකීකරු කොණ්ඩය මුහණු ට වැටීම වළක්වාලමින්
බ්‍රෑන්ඩ් එකක් දමාගෙන උසැති සුදුු පැහැති හිස වැසුම් ද පළඳා ගත්තේය. තිබූ කුඩා කණ්ණාඩියට එබී සිය රුව දෙස බැලූ ඔහු තමාටම ඇසක් ඉඟිමරා ගනිමින් කාමරයෙන් පිට වූයේ උරුවම් බාමිනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart