නර්මදා දිනාරාට අසුන් ගැන්වීමට පෙන්වූයේ තමාට එහා පස අසුනය .ඉන් එහා පස අසුනෙහි වූයේ හිමාශාය.
“ අද ඔයා හරි ලස්සනයි.”
නර්මදා පැවසූයේ ලෝබකමකින් තොරවමය.
සැබවින්ම උත්සවය අංග සම්පූර්ණ එකක් විය..එය වෙනදාටවත් වඩා වර්ණවත්යැයි මුලින්ම පැවසුවේ තේජාය.
උත්සවය පැවැත්වෙන අතරවාරයේදීත් කිහිප වරක්ම දිනාරා ප්රියංකාට කතා කරමින් සොයුරා පිළිබඳව සොයා බැලුවාය. ඔවුන් තනිකර ඒම පිළිබඳව ඇසිතේ වූයේ පසුතැවීමකි.
“ ආපහු චුට්ටක් ඇඟ රස්නෙයි පුතේ.කුමාරි අක්කත් ඉන්නවා.එහෙම වුනොත් රෑ වෙලා ආපහු ඩොක්ටර් ගාවට එක්කරගෙන යමු.පුතා ඔතන වැඩ ටික හරියට කරන්නකෝ.අද තේජා, නර්මදා හරි ලස්සනට ඇති.”
“ ඔව් ආන්ටි ඔක්කොම හරි ලස්සනට ඉන්නවා.හැමෝම ආන්ටි ගැන ඇහුවා. මටත් හරි සතුටුයි.මෙච්චර දෙයක් කළාද කියල හිතෙනවා.
******************************
නිවේදකයාත් නිවේදිකාවත් විනාඩි ගණනාවක වර්ණනාවකින් පසුව එසේ පවසද්දී දිනාරා තමා අසල උන් නර්මදාගේ වම් අත මිරිකා ගත්තේ ගැහෙන හදවත සන්සුන් කර ගැනීමට උපරිම උත්සාහයක යෙදෙමින්ය.
“ අනේ අක්කා මම…”
“ ඔව්.. ඔයා තමයි දිනාරා ජයසුන්දර කියන්නේ.යන්න නංගී..ස්ටේජ් එකට..”
“ අනේ මං ඒ තරම් දෙයක් කලේ නෑනෙ අක්කා..”
“ ඔයා ඒ තරම් දෙයක් කරලා ..ඒකනේ එහෙම වටිනාකමක් ලැබෙන්නේ යන්නේ. තවත් පරක්කු වෙන්න එපා..”
ඇය එසේ පවසද්දී වම්පස උන් හිමාෂා ඇය අත වූ ජංගම දුරකථනය තම දකුණතින් අල්ලා ගත්තේ දිනාරාට නැගී සිටීමට සලස්වමින්ය.
සිය අසුනින් නැගී සිටිද්දී යුවතියට බැලුනේ තේජා දෙසය.අත්පුඩි ගසමින් සිනහසෙමින් ඈ දිනාරා දෙස බලා උන්නාය.
“ යන්න දුව…ඔයාට නොදැනුනාට ඔයා අපි වෙනුවෙන් කලේ ලොකු දෙයක්.”
දිනාරා වේදිකාව දෙසට ඇවිද ගියේ බියෙන් ගැහෙන තම පපුව සන්සුන් කර ගැනීමට උපරිම වෙර තරමින්ය.ඇගේ දෙතොල්පට පවා වෙව්ලමින් තිබිණ.මහින්දත්, විශ්වත් වේදිකාව උඩ බලා සිටියේ සිනහසෙමින්ය.අකලංක වේදිකාවට නගින පඩිපෙළ අසලට වී ඇය එනතුරු බලා උන්නේය.තවමත් ශාලාව එකම අත්පොළසන් නාදයකින් ගිගුම් දෙමින් තිබිණ.
Sale!
සඳක් තනියම Sadak Taniyama
Original price was: රු 1,300.00.රු 1,040.00Current price is: රු 1,040.00.
- USD: 3.52$
Author – Dilrukshi Gamage
Publisher – Sithuwili publishers
Year – 2025
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.