Sale!

Uthara උතාරා

රු1032

Author – Narmada Rangegoda
Publisher – Nohadunanni
Year – 2022

Availability: 2 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: UNN 0007 Categories: , Tag:

ගැහැනියක ලෙසින් මෙලොවට ඉපදෙන්නට ලැබීමම, යම් කෙනෙකු ලබන දුර්ලභ වරප්‍රසාදයක් බව මම කියමි. තවත් ගැහැනියකගේ කුසින් ඇයගේ දියණියක ලෙස ඉපිද, වයසින් වැඩුණු පසු බිරිඳක, ගැහැනියක, මවක, මිත්තණියක ලෙසින් ‘ඇය’ ජීවිතයේ විවිධ වකවානු පසුකරනු ඇත. ඇය, ලාභ – අලාභ, යස- අයස, නින්දා-ප්‍රශංසා, සැප-දුක් යන අෂ්ට ලෝක ධර්මය හමුවේ වැටමෙින්, නැඟිටිමින් කෙසේ හෝ ජීවිත සටනට මුහුණ දෙනු ඇත.
ඇතැම් කාන්තාවන් ඒ ජීවිත සටන විශිෂ්ට ලෙස ජය ගන්නා අතර, ඇතැම් කාන්තාවන් සටන අතහැර දමනු ඇත. මේ එවන් ගැහැනුන්ගේ කතාවයි.

*********************************************

පූර්ණ, යළිත් පැමිණෙන විට දුටුවේ තුනී දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී රන්වන් පැහැති සේද කෙස් වැටිය පීරා හරින සිය සුන්දර බිරිඳය. ජංගම දුරකථනය මේසය පසෙකින් තැබූ ඔහු, ඇයගේ පිටුපසින් සිටගෙන ඇයගේ සිරුර වටා දෑත යවා එහෙමම ඇය වැළඳගත්තේය.
ඔහුගේ උස් සුසුම් ඇයගේ ගෙල පිටුපස තැවරෙන්නට වූයේ කිතිකැවෙන හැඟීමකිනි.
“නිකන් ඉන්නකෝ..”
ඇය කීවේ නෝක්කාඩු ස්වරයකිනි. ඒ වෙනුවට ඔහුගේ ග්‍රහණය තව තවත් දැඩි වෙනු ඇයට දැනිණි.
“නිකන් ඉන්න තමයි යන්නේ.. මේ මොකුත් නැතුව..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart