Sale!

Thuru Sarasi තුරු සරසි

රු1480

Author – Imesha Madhavi Mallawarachhi

Publisher – Sadamadavi Publishers

Year – 2022

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: TIS 0010 Categories: , Tag:

“සරසි මායා.. ස.. ර.. සි.. මා.. යා..”
නුමායාට ඇහුණේ රහසක් කියනවා වැනි සිහින් හඬකින්.
“මායා.. මායා.. සරසි මායා..”
මෙසේ ඇසෙද්දී නුමායා එක්වරම දෑස් හැරියා.
මායා.. මගේ මායා සසර පුරාවටම අපි හමුවෙනවා.. වෙන්වෙනවා නමුත් මායා ඔබ මගෙයි.. මේ රන්බණ්ඩාර ඔබගෙයි..”
“ති.. තිදස්..”
නුමායා මිමිණුවත් නුමායාගේ දෙතොල් සෙලවුණු බව නුමායාට දැනුණේ නැහැ.

********************************

“මායා..”
“තිදස්..”
ඒ හඬ පවා පෙරට වඩා ළයාන්විතව ඇසෙද්දී තිදස්ගේ හිතේ ගින්නේ ඉතුරු ගිනි පුළිඟුත් නිවී ගියා. පිරිමියෙකුට අවශ්‍ය වන්නේ ගිනි අවුළුවන ගැහැනියක් නොවේ. ඔවුන්ට අවශ්‍ය ගිනි නිවනා ගැහැනියකි. පිරිමින්ගේ ලෝකයේ සදාතනික සත්‍ය එයයි.. පිරිමින්ට ඇත්තේ ගිනි වර්ග තුනකි. එකක් බඩගින්නය. අනෙක හිතේ ගින්නය. අවසානයට ඇත්තේ ගතේ ගින්නය. ඒ නිසා පිරිමියෙකුගේ කුස පුරවා, හදවත පිරෙන්න සෙනෙහස දී අවසානයේ සයනයේදී ඔවුන්ගේ ගතේ ගිනි නිවනා ගැහැනිය නිතරඟයෙන්ම ඔවුන්ගේ ලොවේ මුලසුන හිමි රැජිනගේ කිරුළ ලබයි.

********************************

“‘ලොකු අප්පච්චි මේ කියන හැමදේම දැන් මට තේරෙනවා.. බලමු මේ දේවල් කොහොම සිද්ධවෙයිද කියලා..” තිදස් මිමිණුවා.
“නමුත් එක දෙයක්.. අනිවාර්යෙන්ම පරිස්සමින් වගේම හොඳට මතක තියා ගන්න.. රන්මුතුගල කියන්නේ රාවණා රජ්ජුරුවන්ගේ වෙදකම ඉස්සරහට අරගෙන ආවෙ අපේ මුතුන් මිත්තන්ගේ භූමිය.. ඒකේ දේවල් ලෝකෙට පේන්න ලොකු ලොකු සංවිධාන හරහා පරිස්සම් කරන්න ගිහින් අපිට ඒ දේවල් සඳහටම නැතිවෙන්න බැරි නැහැ..” බන්ධුජීව උපැස් යුවල පැළඳගෙන පත්තරය දිග හැර ගත්තේ තිදස් දෙස යටැසින් බලමිනි.
“ආහ් ඒක නෙමෙයි ලොකු අප්පච්චි.. මම මගේ රිසර්ච් ටීම් එකට අර ටේ්‍රනින් සෙන්ටර් එකේ මිස් නුමායාව කතා කර ගත්තා.. එයාත් මේ වැඩවලට ගොඩක් කැමැති කෙනෙක්.. තව ගමෙන් කීපදෙනෙකුත් මේ වැඩේට හවුල් කර ගන්න ඕනේ.. පොඩ්ඩක් බලලා කියන්නකෝ..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart