“බලමු.. මේ මොකක්ද..? අමුතු භාෂාවක් ද? නෑ.. පැහැදිලිවම ඉංග්‍රීසි අකුරු.. ඒත් මේ වචනවල කිසිම තේරුමක් නෑනේ.. ඇත්තටම සිඩ්නිට මේක කොහෙන්ද ලැබුණේ. ”
“මේක අපේ ලියුම් පෙට්ටියේ තිබිලා හම්බ වුණේ.” මම පැවසුවෙමි.
“මේක? මේ විදියට? මේක ෆොටෝ කොපි එකක් බව පෙනෙනවා..”
“ඒක ඇත්ත.. මේක ෆොටෝ කොපියක් තමයි. මමයි ඒකේ ෆොටෝ කොපියක් ගත්තේ..”
“ටිකක් ඉන්න සිඩ්නි… මට කියන්න මේක සිඩ්නිට ලැබෙද්දී තිබුණේ කොහොමද කියලා.. ඇයි මේ ෆොටෝ කොපියක් ගෙනාවේ? කෝ දැන ඒ ලියුම?” ඔහු විමසුවේ කුතුහලයෙනි.
****************************************
බෙහෙවින් කඩතොළු වී තිබූ මාර්ගයේ වූවේ වසර දහයකින් මෙපිට පිළිසකර කර නොමැති ඉතා අබලන් ස්වභාවයකි. ඔවුහු එම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමට වූහ. අධි බලැති ආලෝක ධාරාවක් නිකුත් කළ විදුලි පන්දම සුරතින් ගත් සහකාර පොලිස් අධිකාරි ජගත් අබේනායක මහතා ඉදිරියෙන් ගමන් කළේ වරින් වර එය දෙපස පිහිටි තුරුලතාවන් වෙත ද එල්ල කරමිනි. එලෙස ඉදිරියට ගමන් ගන්නා අතර ඔවුන් අතර කතා බහක් සිදු නොවූ තරම්ය. තවත් මිනිත්තු කිහිපයකට පසු ඔවුන් ළඟා වූවේ එම මාරාන්තික වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානය වෙතය. එම ස්ථානයේ සැරයන් චන්දවිමල හා තවත් කොස්තාපල්වරයෙක් රැඳී සිටිය අතර රෙදි කඩකින් වසන ලද මළ සිරුර මාවත අද්දර තබා තිබෙනු දක්නට ලැබිණි. මාවතේ එකදු පහන් කණුවක් නොතිබූ අතර පොලිසිය රැගෙන විත් තිබූ හදිසි අවස්ථා පහන් දෙක්ක මළ සිරුර අසළ තබා තිබුණේය. එමෙන්ම අනතුරට ලක් වූ යතුරු පැදිය මාවතේ වම් පාර්ශවයේ තිබූ අගලකට වැටී සිරවී තිබුණේ අනතුර සිදු වූ අවස්ථාවේ පැවති අයුරින්මය.
****************************************
මාදිවලගේ දෑත් දෙපා බැඳි රැහැන් මුදාහල අතර දෑතට විලංගු ලනු ලැබිණි. ඉන්පසු ඔහු තවත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ රැකවල් මධ්‍යයේ එම වෑන් රථයෙන් කුරුණෑගල රෝහල කරා රැගෙන යන ලදී.
එමෙන්ම සිය ඇක්වා මාදිලියේ මෝටර් රථය ද කිසිවෙකුගේ අවධානයට ලක් නොවන අයුරින් අපගේ වත්තේ වම් පාර්ශවයට වන්නට රැඳවූවේ මේ අතරය. සියල්ල අවසන් වූ පසු අපි පෙරළා මොහොන් වීරතුංගගේ නිවස කරා පැමිණියෙමු.
මොහාන් වීරතුංග පසුපස ඔත්තු බැලීමට යොදවා සිටි උපපොලිස් පරීක්ෂක බිමල්ගෙන් ඔහුගේ දුරකථනයට ඇමතුමක් පැමිණියේ මේ අතරය. ඊට ප්‍රතිචාර දැක්වූ මගේ මිතුරා මා දෙසට හැරුණේය.
“ඔන්න මොහාන් වීරතුංග ක්ලබ් එකෙන් පිටවෙලා ආවලු.. එන්නේ මැල්සිරිපුර පැත්තට. මම හිතන්නේ මිනිහා ගෙදර එන්නේ. හැබැයි තනියෙන්..”
Reviews
There are no reviews yet.