Sale!

The Colombo Attack කොළඹ ප්‍රහාරය

රු1040

Author – Muthumudalige Nishshanka

Publisher – Pothmee pulishers
Year – 2022

Availability: 2 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: CMP 0001 Categories: , Tag:

බෝම්බය පිපිරී විනාඩි කිහිපයක් ගත වෙත්ම කොටහේන පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස්පති සහ කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම නිවස ඉදිරියට ආවෝය. වාසල පාර බේකරියට පිවිසෙන මාවත මුළුමනින්ම වසා දැමූ අතර එම වීදියේ වැසියන්ට නිවසින් එළියට පැමිණීම පවා තහනම් කෙරිණි. කෙටි වේලාවකින්ම ‘වාසල හංදියේ පාන් බේකරියක් තුළ සිදු වූ බෝම්බ පිපිරීම” ගැන වාර්තා කිරීමට ගත්තෙන් වාසල වීදිය සයිරන් හඬින්, විවිධ වාර්තාකරුවන් හා ආරක්ෂක නිළධාරීන් රැගත් වාහනවලින් පිරී යන්නට විය.

**************************************

“අද අපි තුන්දෙනාටම අමාරු දවසක්..” ඔහු කීවේය.
ටීබී හා නඩේන්ද්‍රන් ඒ වෙද්දිත් එතැන වාඩි වී සිටියෝය. ඔවුන් හිඳ සිටි මේසය පුටු පහකින් යුක්ත එකක් වූ අතර එහි පුටු දෙකක් හිස්ය. නඩේන්ද්‍රන් එම හිස් වූ පුටු දෙක දෙස බලා ටීබී දෙස බැලූයෙන් ඔහු කියන්නට යත්න දරන්නේ කුමක්දැයි දැනගත් ටීබී මඳ සිනහවක් හෙලුවේය.
“අපි මේ මේසේම කී පාරක් ඉඳගන්න ඇත් ද?” නඩේන්ද්‍රන් ඇසුවේය.
“අනන්තවත්..” ටීබී පිළිතුරු දුන්නේය. මේක මගේ පුටුව ඔතන සර්..’ කී ඔහු ලතීෆ් හිඳ සිටි පුටුව පෙන්වා ඉන්පසු ඔහුගේ දෑස හිස්ව තිබුණු අනෙක් පුටු දෙක දෙසට හැරවූයේය.
“අතන දුර්ගයි වික්‍රමයි..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart