පෙරී මේසන් කතා මාලාව
“ඊවා ග්රිෆින් කියලා තමන්ව හඳුන්වා ගන්න තැනැත්තියක් ඇවිත් ඉන්නවා..” ඇය පැවසුවාය. පෙරී මේසන් හිස ඔසවා ඩෙලා දෙස බැලුවේය.
“ඇයි ඔබට හිතෙන්නේ ඒ ඇය නෙවෙයි කියලද?” මේසන් විමසීය. ඇය හිස දෙපසට සැලුවාය.
“ඇය බොරුවක් කරනවා වගෙයි මට පෙනෙන්නේ. ග්රිෆින්ස්ලගේ නම් දුරකථන නාමාවලියෙ තිබෙනවා මම දැකලා තියෙනවා. නමුත් ඇය දුන්නු විදියේ ලිපිනයක් තිබෙන ග්රිෆින්ස්ලා කවුරුත් නැහැ. මම නගර දුරකථන නාමාවලියත් බැලුවා..”
****************************************
සැරයන් හොෆ්මන් තරුණයා දෙස බලා සිටියේය. “ඔබ හොඳින්ම දන්නවා මේ දේවල් කොහොමද සිද්ධ වෙන්න ඇත්තේ කියලා. නමුත් ඔබට කතා කරන්න ඕනේ නැත්නම් කතා නොකර ඉන්න පුළුවන්. එහෙම නම් මෙතැන එච්චරයි..”
“නමුත් මම කතා කරන්නම් සාජන්.. මම පුළුවන් හැමදේම කියන්නම්..” ග්රිෆින් විරෝධය පාමින් පැවසුවේය.
සැරයන් හොෆ්මන් සුසුමක් හෙලුවේය. “ඝාතනය සිද්ධ වෙන වෙලාවේ ඔබ කොහෙද හිටියේ කියලා හරියටම කියන්න පුළුවන් ද?”
එවිට ග්රිෆින්ගේ මුහුණ රතු පැහැයට හැරිණි.
“මට කණගාටුයි සාජන්.. නමුත් මට කියන්න බැහැ..”
****************************************
පෝල් ඩ්රේක් සිය කාර්යාලයේ කුඩා කුටියක අබලන් මේසය පසුපස අසුන්ගෙන පෙරී මේසන් දෙස බලා සිටියේ නියවාගෙනය.
“බොහොම දක්ෂ වැඩක්..” ඔහු පැවසීය. “ඔබ කල් තියාම සැලසුම් කරලද තිබුණේ.. නැත්නම් වැඩේ දරුණු අතට හැරුණ නිසාද එහෙම කළේ..?”
“මොකක්ද සිද්ධ වෙන්නේ කියලා මට අදහසක් තිබුණා.. යමක් ගැන අදහසක් ඇති කර ගැනීමයි ඒක ඔප්පු කිරිමයි වෙනස්ම කාරණා දෙකක්. දැන් මට ඇයව ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙනවා..”
“ඒක අමතක කරන්න..” ඩ්රේක් පැවසීය.
Reviews
There are no reviews yet.