Sale!

Sulaga hemin hamuwawe සුළඟ හෙමින් හැමුවාවේ

රු495

Author – Kaushi Muthukumarana

Publisher – Sankha Prakashakayo
Publishing year – 2021

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: SKS002 Categories: ,

“සෑම් මොනවද ඔච්චර කල්පනා කරන්නේ..,”
ජෙසිකා ඇසුවේ වේගයෙන් ඉදිරියට දිවෙන දුම්රියේ කවුළුවකින් ඉවත බලාගෙන විශාල කල්පනාවකට මැදිව සිටින සිය ළබැඳි මිතුරිය සමාරාගෙනි. ඒ හඬ අනුව ගැස්සී ගිය සමාරා සිය මී පැණි දුඹුරු පැහැ දෙනෙත විසල් කර ජෙසිකා දෙස බැලුවාය.
“මට හිතාගන්න බැහැ උපාධිය ඉවර කළාට පස්සේ මම මොනවද කරන්නේ කියලා ජේස්..”
සමාරා නොසන්සුන්කාරී බැල්මක් දෑසේ රඳවා පවසන කල ජෙසිකා ඈ වෙත පෑවේ කෙළිලොල් සිනාවකි.

එකෙණෙහිම අයාන් දෙසට පිනූ ජේසන් ඔහුගේ උරහිස් ග්‍රහණය කර ගනිත්ම වේගයේන අනෙක් පස හැරුණ අයාන් සිය මිතුරාට සිතාගත නොහැකි වේලාවක් තුළ ඔහුගේ හිස අල්වා සිය දකුණතේ වැලමිටට සිරකර ගත්තේය.
අම්මෝ.. බෙල්ල නම් කඩන්න එපා.. ඔච්චරයි තියෙන්නේ..”
ජේසන් කෑ ගැසුවද ඔහුගේ ගෙල අතහැරියේ අයාන් නොවේ..
“මම ඔයාලාට බාධා කළා නම් සමාවෙන්න…”
අයාන් තමා ඉදිරියේ විසල් වී ඇති ස්වභාවයෙන්ම විශාල ගුරු පැහැ දෑස දෙස බලා සිටියේය.

“ඌයි එක්වරම එම හීන් ස්වරය මගේ සවනත වැකෙන කල මම ආපසු හැරුනෙමි. කුඩා ඕක් ගසට පිටදුන් ඕ රතු කර ගත් දෙනෙතින් මදෙස බලා සිටියාය.
“මට ඇවිද ගන්න බැහැ අයාන්.. කකුල උළුක් වෙලා..”
ඈ වේදනාව දත් ඇඳි මතට සිර කර ගනිද්දී දෙවරක් නොසිතූ මම ඈ අසලට ගොස් දණ ගසා ගත්තෙමි. සැහැල්ලු කලිසමින් වැසී ගිය ඇගේ දුඹුරු පැහැ පාදය මගේ දණහිස මත තබා පරීක්සා කරද්දී ඈ හඬ දුන්නාය.

“ඇත්තටම ඔයා මට ආදරේද කයිල්..?”
මම ඔහුගේ දුඹුරුවන් දෙනෙත් දෙස බලා ඇසුවේ බොළඳ පැනයක් වුව එය බොහෝ දිනක සිට මට ඔහුගෙන් අස්නටන අවැසි වූවකි.
“ඔව්.. ඇයි ඔයාට සැකයක් තියෙනව ද..?”
“අම්මලා කසාදේ ඉක්මන් කරනවා නේද..?”
“හ්ම්..”
“දන්නවද මට හිතෙන්නේ ඔයාගේ හිතේ මට තවමත් ඉඩක් නෑ කියලා සැමී..”
ඔහු දුක්මුසුව මෙන් පවසද්දී මම වික්ෂිපත් වූ නමුත් ‘එහෙම එක්ක නෑ” යි අසිරුවෙන් මුමුණා ගන්නට සමත් වීමි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart