Sale!

Sudu karadahi සුදු කරදහි

රු624

Author – Gimhani Wasana

Publisher – Geema publications

Year – 2022

Availability: 2 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: SGG 0002 Categories: , Tag:

කුඩා කාමරය තුළ එහා මෙහා සක්මන් කරමින් සිතා බැලුවෙමි. මනසට වද තිස් දෙකක් දී වෙහෙසවමින් සිතා බැලුවෙමි. නිර්මාණ්… අර වෛරය පළිගැනීම.. කෝපය වැනි හැඟීම් දහසක් ප්‍රතිබිම්බිත දෙනෙතක් ඇති ඉංග්‍රීසි වී අකුර උඩු අතට හැරවූ පෙනුමක් ඇති අහංකාරයා අතට පත් වීම..
කෙහෙම්මල…
මා ඔහුට ලියා දුන්නේ ඔහුට වුවමනා දෙයක් මගේ ජීවිතයට කළ හැකි බව නොවේද? ඔහුට නිසි රිසි අයුරින් හැසිරවිය හැකි සෙල්ලම් බඩුවක් ද එවිට මා..?

**************************

බෑවුම කොතෙක් ද යත් මගේ අත දරුවන්ගෙන් ගිලිහී ඇද වැටී මා පහළට පෙරළෙන්නට ගත්තේය. ඒන්ජල් ද පළමුව පහළට ලිස්සා පසුව වැටී ඉන් පසු බිම පෙරළිනි. ෆෙයරි ද බිම වැටී පහළට පෙරළී පෙරළී ගියේය. අවසන ඒ පෙළීම නැවතිණි. මා ගසකට හේත්තුව ගියෙය්. ඒන්ජල් ද මා අසල හඬමිනි. ෆෙයරි රෝල් වී රෝල් වී පැමිණ මගේ සිරුරෙහි හැපී නතර වුණි.
අප නැගිට ගත්තෙමු. බලා සිටීමට හෝ සැනසුම් වදන් අමුණමින් සුරතල් වන්නට කාලයක් අප සතු වූවේ නැති. තවමත් අපට කදු මුදුනේ වන මාර්ගයෙහි වන ගුටි කෙළ ගැනීම් හඬ ඇසෙයි. පහළ වූයේ දුඹුරුවන්ව ඇදී ගිය කුඩා අඩි පාරකි. මම ඔවුන්ගේ දෑතින් යළිත් අල්ලා ඒ කුඩා මග දිග දුව යන්නට ගතිමි.
මෙතෙක් සිරුරේ නොතිබූ අමුතු ජවයකින් මා පිබිදී ගියේය. යළි ඔවුන්ට හසුව මේ කුඩා ප්‍රාණීන්ගේ ජීවිත මා ද සමඟින් අනතුරේ නොහෙළා ගනිමිය යන දැඩි අධිෂ්ඨානය මසිතේ ගැඹුරුම ඉසව්වේ තදින් පැළ වී ගිය බවයි. ෆෙයරිගේ පාද පැටලී ඇය බිම ඇද වැටුණි. එතැන නැවතුණ ඒන්ජල් හඬන්නට ගත්තේය.

*******************************************

හඬා අවසන නිසොල්මන්ව ඔහුට තුරුලුව සිටියෙමි. මට තවමත් සිතා ගත නොහේ. දෙවියනේ.. මා මේ සිටින්නේ නිර්මාණ්ගේ තුරුලේ.
“මහී..” ඔහු මන්ද ස්වරයෙන් මිමිණුවේය.
“සර්..”
මගේ වත ඔහුට පෙනෙන පරිද්දෙන් ඔසවාගත් හෙතෙම අවුල්ව ගිය කෙහෙරැළි පසෙකට කළේ කොපුල් දෙපසින් දෑත් යවා මගේ දෑස් සමඟින් යා කර සිටියේය. අද ඒ කඩවසම් වත ආදරෙයෙන් පිරී ඇති බවකි.
“මේ කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැනේ මං.. හැන්දෑවේ කෑ ගැහුවට දුකයි ද ඉතින්..”
“නෑ..”
මා රහසින් පැවසුවේ.. ඔහු පසුතැවිල්ලෙනි. ඒ දෙබැම රැලි වී ඇති සෙයකි. ඔහුගේ මේ අති පෙම්බර විලාසය මා මේ දෑසට දකිනවාමය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart