“සර් අපි ආවේ හදිසියේම නිසා තව විනාඩි දහයක් විතර යනවා රූම් එක ඇරේන්ජ් කර ගන්න.. කමක් නැද්ද සර්‘”
රියෝ සංගීථ කණ්ඩායෙම් රියැදුරු කසුන් යටහත් පහත්ව ඇහුවේ රිශ් මේ ආවේම අකැමැත්තෙන් නිසා රිශ්ගේ මූණේ තවමත් ඇදිලා තියෙන තරහා දිහා බලලා.
රිශ් කිය්නනේ රියෝ බෑන්ඩ් එකේ මේන් සින්ගර් එහෙම නැත්නම් ලීඩර්. අම්මයි තාත්තායි දීපු ආරව් දෙව්නාශ් කියන නමට වඩා රිශ් කියන නමට අනන්යතවායක් මේ වෙද්දි ලැබිලා ඉවරයි. ඉන්ග්ලන්ඩ් වල තිබුණු වෙහෙසකර දින ගණනාවක ප්රසංගවලින් පස්සේ රිශ්ට ඕනි වුණේ සති දෙක තුනක විවේක ගන්න. ඒත් දුනුවිල මහ්තතයා භාර අරන් තිබුණ බණ්ඩාරවෙල ලයිව් කොන්සට් එකට රිශ් අකැමැත්තෙන් වුණත් ආවේ මෙතන ඉඳන් මාස දෙකකටම කොල්ලෝ තුන්දෙනාම ෆ්‍රී තියන්න දුණුවිල මහ්තතයා පොරොන්දු වුණාම.
“රිශ් ඉන්ග්ලන්ඩ් වල ඉඳලා තියෙන්නේ? ඒකි ශිව්ලි නෙවේ. එතකොට උඹ කැමැති වෙලා තියෙන්නේ කිනායාට. ශිව්ලිට නෙමේ..” ආරව් ඇස් දෙක පියාගත්තේ ඇත්තටම ඉනේශ් කිව්ව දේ ඒ විදියටම ආරව්ටත් දැනුණ නිසා. ආරව්ගේ ඇස් පියවෙනකොට ඒත් එක්කම හීනෙකින්වත් හිතුවේත නැති විදියට ඉනේශ්ගේ වචන ටික ඇහුණ කිනායාගේ ඇස් ලොකු වුණේ කිනායාට ඇහුණු විදිය හරි නම් රිශ් කැමැති කිනූට. කොහොමත් රිශ් කියන්නේ පළවෙනි බැල්මෙන්ම ඕනම කෙල්ලේක පිස්සු වට්ටන්න පුළුවන් කොල්ලෙක්.
“මම ඉනායා.. ඉනායා දිව්යංශි..”
“දිව්යංශි.. නම වගේම ඔයාත් දිව්‍යලෝකෙන් ආවා වගේ.. ම්ම් එතකොට රිශ්ගේ ෆියොන්සි දිව්‍යලෝකෙන් ආව කෙනෙක්..”
නිවේදිකාව කිව්වේ නමේ තේරුම වුණත් ශිව්ලිත් අද නම් දිව්‍යලෝකෙන් අරන් ආව මලක් වගේ කියලා දකින ඕනිම කෙනෙකුට හිතෙනවා.
කේශාන් කියන කතාවේ අගක් මුලක් කියානා දන්නේ නැහැ. රියෝ හවුස් එකේ මේ තරම් කලබලයක් කියලා දන්නේත නෑ. ඒත් එහෙමම කේශාන් කිනායාව එක්ක ඇවිත් තමන් ළඟින්ම ඉන්දා ගනිද්දී කිනායාගේ ඇස් මොහොතකට නැවතුණේ ශිව්ලිගේ ඇස් ළඟ. මේ අනපේක්ෂිත සිදුවීමේන නිවේදිකාව ඉන්නෙත් හොඳටම පැටලිලා. නිවේදිකාව මාරුවට හැම කෙනාගේම මූණ බලන්නේ ඒකයි.
“ඒ ජීවිතේ නිදහස හරි අඩුයි.. ඔයාට නිදහසේ ඇවිදින්න කතා කරන්න හිනාවෙන්න අනිත් කේලලෝ වගේ ෂොපින් යන්න බැරිවෙයි. සාමාණ්‍ය විදිහට ජීවත් වෙන්න බැරිවෙයි. ඔයා කරන කියන දේවල් ගොසිප් එකක් වෙයි. කමක් නැද්ද.?”
“ම්ම් මට එළියට යන්න බැරි වුණත් ශොපින් ය්නන බැරි වුණත් සාමාන්‍ය විදියට ඉන්න බැරි වුණත් මට ඔයා ළඟට වොල ඉන්න පුලුව්න නේද? මොනම හේතුවකටවත් ඔයාගේ ළඟින් ඈත් නොවී ඉන්න පුළුවන් නේද.?”
ශිව්ලි ඇහුවේ ආරව්ගේ කම්මුල් මත දෑතම රඳවලා. ආරව්ත් කෙල්ලගේ දෑත මත දෑත් රඳවලා ඒ ඇස් දිහා තත්පර දෙක තුනක් බලන් හිටියේ ඇස්වල ආදරේ පුරවගෙන.
Reviews
There are no reviews yet.