Sale!

Shadows of the death මරණයේ සෙවණැලි සහ තවත් අද්භූත කතා

රු470

Author – Lasitha raveen umagiliya

Publisher – Prathiba publsihers

Publishing year – 2011

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: MLP0005 Categories: , Tag:

මම කිසිදු හඬක් නොනැඟෙන අයුරින් යහනෙන් බැස අගුළුලා පැවති කුටියේ ද්වාරය අබියසට පැමිණියෙමි. මේ වන විට ද යථෝක්ත රළු පිරිමි කටහඬ මාගේ සවන් වැකෙමින් පැවතියේය. දොරගුළු විවර කළ මම අඳුරේම මුළුතැන්ගෙය දෙසට පියමැන්නෙමි. නිවසේ පිහිටීම මැනවින් දැන සිටියෙන් අඳුරේ වුව ද මට මඟ නොවැරදිණි.
මුළුතැන්ගෙයි මධ්‍යයේ වූ මේසය මත කුඩා ලන්තෑරුම දල්වා තිබූ අතර එහි වූ තනි ළුවේ පටු ජනේලය අඩක් විවරව තිබුණේය. ඒ අසල මාගේ මව රැඳී සිටියාය. එහෙයින් ඉන් පිටත සිටියේ කවුරුන් දැයි මම නොදුටුවෙමි. එහෙත් රළු කටහඬ නැඟුණේ අඩක් විවරව තිබූ කවුළුවට පිටතිනි. අවාසනාවකි. දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. ඇය හැරී බැලුවාය. එහි රැඳී තිබුණේ අතිශයින් ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයෙහි නොතිබිණි. එහෙත් එම කාලවර්ණ අවලක්ෂණ මාංශ ගෝලය මැද පිහිටි කුඩා දෙනෙතක් මගේ නෙත ගැටිණි.

**********************************************

මම මෙතෙක් වේලා සඟවාගෙන සිටි ලිපිය ඉවතට ගෙන ඔහු ඉදිරියේ දිග හළෙමි.
“මෙන්න මේක තිබුණෙ අර සූර්ය මණ්ඩපය ළඟ අටුවේ අලවලා..” මම එය ඔහු අත තැබුවෙමි.
“දෙයියන්ට ඔප්පු වෙච්චාවේ. මේ මොකක්ද..?” ඔහු විස්මයාන්විතව පැවසීය. ඔහුගේ හඬ විස්මයාන්විත වුව ද සත්‍ය වශයෙන්ම එම කඩදාසිය දැකීමෙන් ඔශු තුළ තැති ගැන්මක් ඇති නොවූ බැව් මම පැහැදිලිවම නිරීක්ෂණය කළෙමි. ලිපිය සුරතට ගත් එහු ඉන්පසු උද්‍යෝගයෙන් යුතුව එය කියවා බැලුවේය. ඔහුගේ මුහුණ අඳුරු වූ අයුරු මම දුටුවෙමි.
“මැකලන් මට දැනගන්න ඕනේ මේ විකාර ලියුමෙ තේරුම මොකක්ද කියලා..? කවුද මගේ මහප්පට මේ විදියට තර්ජනය කරන්නේ? එදා අර ගේට්ටුව ළඟදී මැක්ලන්ට තර්ජනය කළා කියපු අපිරිසිදු යෝධ මිනිහගේ සම්බන්ධෙ මොකක්ද මේ සිද්ධියට. මට හොඳටම විශ්වාසයි. මැක්ලනුත් මට මොනවා හරි හංගනවා.. ඇයි මට කිසි දෙයක් කියන්නේ නැත්තේ..? මහප්පට මොකක් හරි කරදරයක් න්ම ඇයි පොලීසියට ඒ බව කියන් නැත්තේ..?” මම පැවසුවෙමි.

*********************************

  • අඳුරු කුටිය.
  • ගාසියා වෙස්ට්බරි
  • යාචකයා
  • හිතේ දුකක් නැති මිනිහා

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart