Saptha Susuman Paramitha සප්ත සුසුමන් පාරමිතා

රු1200

Author – Imesha Madhavi Mallawarachchi
Publisher – Sadamadavi Publishers
Year – 2022

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: SIS 010 Categories: , Tag:

මිස් ආදිති අපි මේ කියන අන්තිම වතාව.. දැන්වත් මේ හැමදෙයක්ම කිව්වොත් අපිට මේ විදියට තමුන්ට කරදර කරන්න අවශ්‍යතාවයක් නැහැ… දැන්වත් මේ මිනීමැරුම් හයට තමුන්ගේ ඇති සම්බන්ධතාවය කිව්වොත් අපිට වැඩේ පහසුයි.. මොකද ඇඟිලි සලකුණු අපිට දැනටමත් උවමනා කරන සාක්ෂි දීලා ඉවරයි..”
“දැන් අපිට දැනගන්න ඕනේ තමුන් මොන හේතුවක් නිසා මේ මිනීමැරුම් හය කළා ද කියන එකයි.. ඒ වගේම කවුද තමුන්ටමේ වැඩේට උදව් කළේ..? ඇත්ත කියනවා සාක්ෂි බොරු කරන්න බැරි බව තේරුම් අරගෙන ඇත්ත කිව්වොත් හොඳයි.. කවුද තමුන් එක්ක මේ වැඩේට ආව අනිත් කෙනා..?”
පොලිස් පරීක්ෂකවරියගේ දැඩි හඬ එක්කම තිගැස්සුණු ආදිති නැවත්ත හඬා වැටුණා. හඬලාම රතුවුණු කොපුල් පිසිමින් බරවුණු නාසය ඉහළට ඇදගත් අදිති නැවතත් දෝතින්ම මුහුණ වසාගත්තා.

****************

”ඉතින් මැණික මට ඇත්ත කියන්න ඇයි මේ ශිරෝමි ඔයාට එහෙම බනින්නේ..?
“අනේ මම දන්නේ නැහැ තිනෙත් ඒත් එදා මෙන්න මෙහෙම දෙයක් වුණා..”
සහන් අදිතිගේ අසනීපයට බෙහෙත් ගන්න ගිය වෙලේ ඉඳලා සිදුවුණු හැමදේම විස්තර කරද්දී තිනෙත්ගේ දෑත් අදිතිව කේන්තියෙන් මිරිකගද්දී අදිති වේදනාවෙන් තිනෙත් දිහා බැලුවා.
“ඒ නාකියාට කොහෙන්ද එච්චර හයියක්..? මේ දරුවෙක්ගේ වයසේ ඉන්න ඔයාව බඳින්න මේ මිනිහට ඇත්තටම මොනවද ඕනේ.,? අනික මේ හදිස්සියේ ශිරෝමිව දික්කසාද කරලා..? මට දැන් හිතාගන්න පුළුවන් මේ ගෑනි ඔයාගෙන් තරහ පිරිමහන්නේ මොකද කියලා..,? මේ හිටිහැටියේ අවුරුදු විසිපහක් පවුල් කාපු ගෑනි දික්කසාද කරන්න හදද්දී මොන ගෑනිත් කලබල වෙනවනේ.. එහෙනම් ඒකයි මේ හැමදේම පැටලිලා තියෙන්නේ..?”
“එහෙම නෙමෙයි තිනෙත්.. ලොකු සර් මොකක් නමුත් හිතේ තියාගෙන විඳෙව්වා.. ඔයා නොදන්නවා උනාට තිනෙත් සර් කියන්නේ ශිරෝමි මැඩම් නිසා ගොඩක් දුක් වින්ද කෙනෙක්..”
“බලාගෙන යද්දී ඔයත් ඒ මිනිහව සුද්ධ කරනවනේ..”
“අනේ දෙයියනේ ඔය ටික අහගන්නද එතකොට මට මේ ඇත්ත කියන්න කිව්වේ..?”

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart