Sale!

Santhrasa සන්ත්‍රාස

රු800

Author – Monika Pushpakumari
Publisher – Warna Graphics
Publishing year – 2021

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: MSW0006 Categories: , Tag:

ජැක්සන්ගේ හඬ නොඉවසිලිමත්ය. වෙනදාට වැඩ කෙරෙන පිළිවෙල ඇය දනී. එහෙත් ඒ කිසිවක් මතක නැතුවා සේ සබීතා කාමරය මැද හිටගෙන එක එල්ලේ බලාගෙන සිටියි.
“කෝ.. ගලෝපං ඕවා..”
ජැක්සන් කීත්‍ව්ය. එහෙත් සබීතා නිසලය.
“කොච්චර කිව්වත් උඹට එකපාරින් දෙයක් අහලා පුරුදු නෑනේ..”
ජැක්සන් නැගිට ගත්තේය.
“ගලෝපිය ඕවා..”
ඔහු සබීතාගේ කෙහෙවල්ලෙන් අල්ලා කම්බුලට වැරෙන් පහරක් දුන්නේය.
“ඌයිහ්..”
ඒ පාරේ වේගයට සබීතා පසෙකට විසිවිණ.

***********************************

අන්ධකාරය පරිසරය වෙලා ගනිමින් තිබිණ. මිනිස් ක්‍රියාකාරකම් කොයි තරම් විවිධාකාර වීද සොබා දහම තම රාජකාරිය අකුරටම ඉටු කළේය. වෙනදා වෙලාවටම රාත්‍රිය පටන් ගත් අතර හාත්පස අඳුරුව රාත්‍රි හතට අට විය.
නමුත් උදාවූ මේ රාත්‍රිය නෙළුම්පිටිය ග්මමානයට වෙනදා සේ නොවිණ. විශේෂයෙන් නෙළුම්පිටිය පොලිස් ස්ථානයේ ලොකු කුඩා නිලධාරීන් සෑම දෙනෙකුටම මේ රාත්‍රිය ඉතා කාර්යබහුල විය.
***********************************
“ළමයා අද හරි ලස්සනයිනේ..”
සෙනර් වටපිට බලා හිමිහිට කිවේය. ශේෂාදි වහා හිස ඔසවා බැලුවාය. එය තමන් අගය කිරීමට කී දෙයක් නොවන බව ඒ ඇස් බැලූවිට ඇයට දැනිණ. මේ තරම් තරහක් ඒ පිරිමි ඇස්වල එතී තියෙනවා ඔය දුටුවාමය.
“ඇයි රවන්නේ..?”
ශේෂාදි කෙළින්ම ඇසුවාය.
“රවන්නේ..? රවන්න නෙමේ වටින්නේ.. මාව බලන්ඩ එනකොට හැමදාර අර බාච්චු කමිසෙයි හමගිය ඩෙනිමයි.. අද අරූ එනවා කිව්වම ඌට පේන්න මේචචර ලස්සනට ඇඳගෙන හිටිය ද..?”
සෙනර් ඇසුවේය.

***********************************

වෙඩි පහරකින් මළත් පොලීසියට යටත් නොවෙමියි සිතා උන් ප්‍රේමලාල් වහා ක්‍රියාත්මක විය. අනිත් අතට මෙතෙකේ කළාසේ තමාට පොලිස් ඇස් වසා හැංගී ජීවත් විය හැකි යැයි ලොකු විශ්වාසයක් ද ප්‍රේමලාල් වෙත තිබිණ. ප්‍රේමලාල් අඩියට දෙකට භූමයි වට කළ ගරා වැටෙමින් තිබූ ඉදිරි තාප්පය වෙත දිව්වේය.
“පැන්නා..”
“පනින්ඩ දෙන්න එපා..’‘
හරි අප්.. හරි අප්..”
පොලිස් නිළධාරීන් මුවෙකු වටකළ කොටියන් සේ වහා ක්‍රියාත්මක වූහ. ඒත් තත්පරයක පමාවක් අපරාධකරුවාට වාසියකි. කැටපෙ තාප්පය වෙත ළං වෙද්දීම ප්‍රේමලාල්ගේ උස් ශරීරය එපා පැත්තට එසවිණි.
***********************************
“ජැක්සන් අයියා මසට සත්තු ගේන්ඩ තැන් තැන්වල යනවා.. පිට ගම්වලටත් යනවා.. එහෙම ගිය රවුමක තමා සබීතක්කව දැකලා තිබ්බේ.. සබීතා අක්කා මාර ලස්සනයි.. ජැක්සන් අයියා මේ ලස්සන තමයි වහ වැටුණේ. කොහොම හරි තුන්වෙනි පාර එහෙ ගිය ජැක්සන් අයියා ආපහු ආවේ සබීතා අක්කවත් පන්නගෙන..”
“පන්නගෙන.. ඒ මොකද?”
ශේෂාදි පුදුමයෙන් ඇසුවාය.
“සබීතක්කට අම්මා විතරයි ඉඳලා තියෙන්නේ.. ඒ අම්මටත් එකම දුව සබීතක්කා විතරයි.. අම්මා කැමැති වෙලා නෑ එකම දුව මස්කඩ කාරයෙකුට දෙන්න.. දන්නැද්ද මිනිස්සු හිතන්නේ මස්කඩකාරයො කිව්වම මිනීමරුවෙක් අලුගෝසුවෙක් ගාණට දාලානේ.. ඒ මිනිහට මොන හොඳ ගතිගුණේ තිබ්බත් වැඩක් නෑ..”
“ඉතිං..?”
දෙන්නා බැඳලා ඔය දැන් නානාගේ ෆාම් හවුස් එක තියෙන තැන තිබ්ච්ච පොඩි ගෙදර පදිංචි වුණා.. ළමයෙකුත් හම්බවුණා.. ඊට පස්සේ තමා තත්ත්වේ නරක අතට හැරුණේ..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart