“ඔව් අම්මේ.. ඒ දවස්වල තමයි.. ඊළඟ කන්නෙට කුඹුරු කරන්න ණයක් ගත්තා අපේ බැංකුවෙන් මේ ගෙදර ඔප්පුව උකසට තියලා..”
“මොනවා..?”
“ඔව්.. ලක්ෂ පහක වගා ණයක් අපේ බැංකුවෙන් ගත්තා.. මේ ගෙදර ඔප්පුව අදටත් උකසට තියලා තියෙන්නේ.. අවුරුදු දෙකක් ඇතුළත ණය පියවන්නයි ඕනේ.. පළවෙනි අවුරුද්දේ පොළී මුදල විතරයි දෙන්න ඕනේ.. ගොවියන්ට උදව්වක් විදියට තමයි අපි ඒ විදියේ පහසු ණය ක්රමයක් හඳුන්වලා දුන්නේ..”
“පොළී මුදල? අනේ මහත්තයෝ අපි ඇත්තටම මේ දේවල් දන්නේ නෑ.. අපි පොලී මුදල් විදියට කීයක් ගෙව්නන ඕනේද බැංකුවට..?”
ජීවත් වෙන්නවත් අතේ සල්ලි නැති අම්මා එහෙම ඇහුවා.
***********************************************
ඊයේ රෑ ඇඳන් නිදා ගත්ත ගවුම ඇගේ නෑ. සරලවම කියනවා නම් ඇඟ වැහෙන්න නූල් පොටක්වත් නෑ.. වටපිට බලලා ඇඳ රෙද්දම ඇදලා අරන් පපුව වැහෙන්න තියාගෙන වෙව්ලමින් ඇඳ අස්සටම සමාධි ගුලි ගැහුණා.. කියාගන්න තේරෙන්නේ නැති කැක්කුමක් යටිබඩ ප්රදේශයෙන් දැනෙද්දී තමන්ට මොනා හෝ ලොකු දෙයක් මේ වෙනකොටත් වෙලා ඉවරයි කියලා තේරුම් ගන්න තරම් සිහි කල්පනාවක් ඒ වෙනකොටත් සමාධිට තිබුණා.. ඒ එක්කම දැක්කේ ඇඟ වැහෙන්න ඔතා ගත්ත රෙද්දේ තැනක රවුමට ගෑවිලා තියෙන ලේ පැල්ලම. ඒ තමන් මෙච්චර කාලයක් ආරක්ෂා කර ගත්ත පිරිසිදුකම ද කියලා තේරුම් බේරුම් කර ගන්න බැරි තරමට සමාධි තැති අරන් තිබුණා. ඒ අතරේ සමාධිගේ කටහඬ ඇහිලා ජනේලේ ගාව හිටියා හැඩි දැඩි මනුස්සයා හැරිලා බැලුවා.
************************************************
“අනේ මම වඳින්නම් මහත්තයෝ මම බැල්කනියෙන් පැනලා මැරෙන්න හැුදවා කියලා මැඩම්ට කියන්න එපා.. එහෙම වුණොත් මාව මරයි.. එහෙම නැත්නං අර ඩෙවන් කියන තිරිසනා ගාවට දායි.. ඌ ගාවට යනවට වඩා සැපයි මට මැරෙන එක.. අනේ ඒ වගේම මහත්තයා හැමදාම එක්කන් එන ඩිල්ෂා හොඳයි මම වැඩක් නෑ කියලා නම් කියන්න එපා.. එහෙම වුණොත් මං ඉවරයි..”
*******************************************
තමන් ආසාවෙන් මුලින්ම හදපු කෑම ටික කන්න රන්ධීර් අකැමැති වුණා.. ඊළඟට තමන් මහන්සි වෙලා පිළිවෙලට කාමරේ අස්පස් කරපු එකට හොඳ කියනවා වෙනුවට වහල උඩ යන්න අඩි හප්පලා කෑ ගැහුවා. ඒත් රන්ධීර් අන්තිමට කිව්ව දේට නම් කෙල්ලගේ හිත වැඩියෙන්ම රිදුණා.
“තමුසෙ මගේ ගෑනි වේනන හදනව ද?”
ඒ වචන හරියට තමන්ගේ කන් දෙක ඇතුළේ දෝංකාර දෙනවා වගේ සමාධිට දැනුණා. රන්ධීර්ව ළඟනි්ම දැක්කාම හිත ගැස්සෙනවා තමයි. ඒ නපුරු ඇස්, හැඟීමක් නැතුව කතා කරන විදිය, සමහර වෙලාවට නොහිතන විදියට තමන් ගැන තමන්ගෙම කෙනෙක් වගේ හොයලා බලන විදිය. ඔව්.. තමන්ටත් නොදැනීම තමන්ගේ හිත රන්ධීර් ගාව නතර වෙලා නේද කියාල එවෙලේ නම් මොහොතකට සමාධිට හිතුණා.
Reviews
There are no reviews yet.