“හරි හරි ඕයි අක්කි තමුසෙව බලන්න ආව කියලා ඌවම කසාද බඳින්න කියලා එකක් නෑනේ..”
“ඔ… ඔයාට තේරෙන් නෑ චුට්ටි. කොහොමද දෙයියනේ මං ගිහින් වෙන මනුස්සයෙක්ට බුලත් හෙප්පුව දීලා වදින්නේ.. හ්ම්.. පව් මගේ අහිංසකයා දෙයියෙක් වගේ..” චතුනි රහසින් වගේ කියවද්දී ඇස් අස්සේ හිරවෙලා තිබුණ කඳුලු ගුලි එළියට පැනලා වේගයෙන් ගලාගෙන ගියා.
“අනේ මේ තේරුම් ගන්නවකෝ.. අඬන්න එපා ඉතින් දන්නවනේ තාත්තාගේ හැටි..”
“ඒත් මං.. හ්ම්ම්..”
“එකපාරටම කියපු නිසානේ මුකුත් කර ගන්න බැරිවුණේ. නැත්තන් දනී මං.. හුග්..” චුට්ටි අක්කගේ මෘදු උරහිසට අත තියලා තරහින් කිව්වත් චතූ දන්නවා නංගිට ලොකු දෙයක් කරන්න බෑ කියලා.
*****************************************
“මං බයවුණා ඕයි හොඳටම..” චුට්ටි රෙද්දත් පොරවාගෙන ඇඳට නැග්ගා නෙමෙයි පැන්නා.
“තාත්තා කාමරේට එද්දීද?”
“හක් අ..” චුට්ටි මූණ ඕනිවටත් වඩා උඩට පහළට කළා.
“තමුසෙ නිසා හොඳයි..” චතූ කතා කළේ සනුක එක්ක මැසේජ් කරන ගමන් පාලුවෙන් තියන චුට්ටිගේ ලොකු ෆෝන් එකට එකපාරටම මැසේජ් එකක් ආවා.
“යේ..” චුට්ටි ෆෝන් එක උස්සගෙන කෑ ගහනකොට චතූ අතින් කට වැහුවා.
“කෑගහන්න එපා බං මැට්ටියේ දන්නවනේ…” චතූ රහසින් කිව්වා.
*****************************************
“හෙලෝ රත්තරන්..” සනුක හද හදා හිටපු රිපෝට් එක පැත්තක තියලා ෆෝන් එක කනේ තියාගත්තා.
“මොකෝ කරන්නේ..?” චතූ කෙඳිරිගෑවා. වෙනදට ෆෝන් එක කනේ තියෙනවා දැක්කම රවන නර්ස් ලාවට හිනාවක් දාලා ගියා.
“ඔෆිස් එකේ තමයි ඉතින්..”
“පොඩි දෙයක් කියන්න ගත්තේ සනූ..”
“මොකද්ද..?” සනුකගේ ඇහිබැමි ලංවුණා.
“මගේ ටිකට් කැපුවා රත්තරනේ..” චතූ කියද්දී එයාගේ මුලු ඇඟම හිරිවැටිලා ඇස්වලින් කඳුලු එළියට ආවා. සනුක ඇස් ලොකු කරන් එක කනට තව ටිකක් තද කර ගත්තා.
“මො.. මොකක්ද නංගී..?” සනුකගේ පපුව හීනියට රත්වෙලා ගියේ හිතාගන්නව්ත බැරි දෙයක් එකපාරටම ඇහුවම.
“මගේ ටිකට් කැපුවා අයියේ ඩොක්ටර්.. හ්ග්.. ඩොක්ටර් කිව්වා හොඳටම සනීපයි කියලා..” මෙච්චරකල් හිතේ හිරකරගෙන හිටපු වේදනවා තප්පර දෙක තුනක් යන්න කලින් එළියට පැන්නේ කදුලු කැටවලින්.
Reviews
There are no reviews yet.