“කෙල්ලේ.. පොඩි ජොබ් එකක් නං හම්බවුනා.. ඒත් මං උඹට කිව්වේ නෑ.. ඒ මොකද කම්පැණි ඕනර් මාර සැරයිලු… යකෙක් වගේ නපුරුයිලු..”
“අනේ කමක් නෑ බං.. නාකි මිනිහෙක් එක්ක පවුල් කනවට වඩා ඒක සැපතක් බං..”
“අනේ.. මට උඹ ගැන දුකයි බන්.. ඒක නෙවේ.. ඒකේ ඉන්ටවිව් හෙට.. උඹට යන්න පුළුවන් ද..?”
“හෙට..”
මම විමතිය මුසු වදනින් විමසුවෙමි.
මනස සිසාරා හොල්මන් කරමින් තිබුණේ මේ අද්භූත ගිවිසුම පිළිබඳ කාරණාවන් පමණි
ගමන පිළිබඳ රහස්ය භාවය දිවි හිමියෙන් කිය යුතුය.
ගමන අතරතුරදී ආයතන හිමිකරු එක දිගට විනාඩි දෙකක කාලයක් එක ඉරියව්වක් නිශ්චලව සිටියහොත් ඔබ ඔහුගේ පපුතුර නිරාවරණය කොට වාර දහයක් අත්ලෙන් පහර දිය දිය යුතුය.
මම නැවත නැවතත් එය කියවූවෙමි. දෙවියනි. කුමන ගිවිසුමක් ද මේ.?
“මං දන්නවා.. ඔයාටත් මොකක් හරි අසරණකමක් ඇති.. නැත්නං කවුද ඔය වගේ මිනිහෙක්ව කැමැත්තෙන් බඳින්නේ..”
විවාහ උත්සවය පැවැත්වුණේ විසල් පරිමාණයේ තානායමකය. පැමිණි සිටි අමුත්තන් කිසිවෙකුත් මා හඳුනන අයවලුන් නොවේ. වැඩිමනත් පිරිසක් මැරයින්ය. නොමැතිනම් විකාර පෙනුමැති පූජකයින්ය. හඳුනන මුහුණු කිහිපය වූවේ කුඩම්මාත් තාත්තාත් කපුරු බණ්ඩාරගේ ගෝල බාලයිනුත් පමණි.
මුහුදේ රළ නොනවත්වාම බිඳෙමින් යළි නැගෙමින් තිබිණ. විටෙක මේ මුහුද ගයන ශෝකී රාවයක් නොවේදැයි මට සිතෙයි. හරියටම අකේන්ගෙත් මගෙත් සිත්වල තෙරපෙනා දුක වාගේමය.
“ඉතින් එදා ඉඳන් මට අඬන්න අමතක වුණා.. මං පුරුදු වුනා දුක හිර කර ගන්න. හරියටම යන්ත්රයක් වගේ. හුස්මක් කටක් ගන්නේ නැතුව වැඩ කරා. හැඟීම් දැනීම් නැති විදියට ජිවත් වුනා. අන්න ඒකේ ප්රතිඵලය තමා මේ විදියට ආවේ..”
‘දැන් ඒ ගැන හිතන්න එපා සර්.. දැන් ඒ හැමදේම හොඳ අතට හැරිලනේ..”
Reviews
There are no reviews yet.