“සර් මේ කොල්ලා මට කරදර කරනවා කියලා තර්ජනේ කළා.. කවදාවත් කසාදයක් බඳින්න බැරි වෙන තැනට වැඩ කරනවා කිව්වා. මගේ නම්බුව.. ඉහි.. ඉහි..”
දෝතින් මුහුන වහගෙන කඳුළු වගුරුවන දිහංසා දිහා සහස්ම බැලුවේ ගිනි පිටවෙන දෑසින්. ඕ.අයි.සී ගජේන්ද්ර මහත්තයා දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බල බලා තියුණු දෑසින් නිරීක්ෂණය කරමින් හිටියා.
“මොකක්ද තමුසේ කිව්වේ? මං කවද්ද එහෙම කිව්වේ?”
තවත් මේ චෝදනා දරාගෙන ඉන්න බැරි තැන සහස්ම කට ඇරියා. කොල්ලා දකුණු අත මිට මොළවලා මේසේට පාරක් ගැහැවා.
“ඒයි මේ…”
දිහංසා සහස්මට කතා කළා. සහස්ම නැවතිලා ආපහු හැරුණා. හෝල් එකේ එළියෙන් තිබ්බ කොරිඩෝව හරියේ වැඩිය කවුරුවත් නෑ.
“ඇයි මොකද..?”
“ඔයා කොහෙද යන්නේ.. ඩ්රාමා එක බලන්නේ නැද්ද?”
සහස්ම අඩියක් කෙල්ලට ළං වුණා.
“ඇයි එන්නද අහන්නේ..? වොශ්රූම් යන්නේ. කැමැති නම් එනවා.. මුරට ඉන්නම් මං..”
දිහංසා මූණ හැකිලුවා.
“ෂිට්.. අහපු මෝඩකම.. ලැජ්ජාවේ බෑ..”
****************************************
රන්දික එක්ක සහස්මත් ඡායාරූප ශිල්පීන්ගේ උපදෙස් අනුව කඩිමුඩියේ ඡායාරූප ගත්තා. නිදහසක් ලැබුණු ගමන්ම රන්දික සහස්මගේ කරට අතක් දමා ගත්තා.
“කොහොමද මචං දෙවැනි මනමාලි.. මං කිව්වනේ උඹට ගින්දර වගේ කියලා..”
දිහංසා සඳැස්මාගේ අතින් අල්ලා ගත්තා.
“කියලා වැඩක් නෑ බං.. පිස්සු වගේ මට..”
සහස්ම උත්තර දුන්නේ දිහංසා දිහා සෘජුව බලාගෙන.
“මොකද කියන්නේ මචං.. නගිමුද පෝරුවට..”
“පෝරුවට නැඟීම කෙසේ වෙත්ත දැන්මම හනිමූන් උස්සන් යන්න හිතෙනවා..”
යාලුවෝ දෙන්නා උස් හඬින් හිනාවුණා.
****************************************
ටික ටික කාලය ගත වේදදී දිහංසාගේ හිතේ තිබ්බ කලකිරීම වැඩිවුණා. දැන් ඉන්නේ ඉස්සර හිටපු දිහංසා නෙමෙයි. සහස්ම දිශාරා එක්ක ඩාන්ස් කරන දිහා දිහංසා බලන් හිටියේ ඊටත් වඩා කලකිරීමෙන්. තමන්ගේ බිරිඳ ඉිද්දී ඒ ඉස්සරහම වෙන කෙල්ලෙක් එක්ක සහස්ම හිනාවෙවී නටන හැටි.
‘මේවා පෙන්නලා මාව අප්සෙට් කරන්න තමයි මෙහෙම කරන්නේ. තවම පලිගන්නවා.. මට නම් දැන් ඇතිවෙලා..’
Reviews
There are no reviews yet.