පොඩි කාලේ ඉඳන් හිතින් ආදරේ කරපු, දවසක තමන්ගේම කර ගන්නවා කියලා හිතාගෙන හිටපු ඒ ලස්සන පුංචි කෙල්ල, දේදුනු වික්රමාරච්චි. එහෙමත් නැත්නං දෙනුවන්ගේ එකම නංගී. තවත් සරලව කියනවා නම් වර්තමානයේ චේතියගේ ආදරණීය බිරිඳ. මධුසමයට ආව ජෝඩුවකට ලෑස්ති කරපු ඇඳ පුරාම ලස්සනට අතුරලා තිබුණ රෝස මල් පෙත්තක් කෙල්ලෙග් කම්මුලේ ඇලවිලා තියෙනවා කර්ටන් අතරින් බේරිලා දේදුණුගේ මූණට වැටෙන ඉර එළියෙන් චේතිය දැක්කා.
“මේ ඉන්නේ මගේ පුංචි රෝස මල..”
චේතියගේ හිත කිව්වා. ඒ රෝස කම්මුල් දෙක ඉඹින්න තරම් සෙනෙහසක් චේතියගේ හිත පුරා දිව්වේ සෑහෙන්න ඉක්මණින්. ඒත් චේතිය ඒ හැඟීම යටපත් කර ගත්තේ ඊයේ රෑ තමන්ට තමන්ගේ ලෝකම වුණ අලුත් මනමාලියට තම්න දුන්න පොරොන්දුව මතක් වුණ නිසයි.
************************************
“නඳුන්..”
දේදුණු ඉක්මණට ෆෝන් එක කනේ තියා ගත්තා.
“දේදු..”
කනට ඇහුණ ඒ කටහඬට මුළු ඇඟම හිරි වැටිලා ගියා. තත්පර ගානකට හද ගැස්ම පවා නතර වුණා වගේ දේදුණුට දැනුණා. මේ දවස් ටිකේම බලන් හිටියේ කොයි වෙලාවක හරි නඳුන්ගෙන් ආරංචියක් එයි කියලයි. නඳුන්ගේ කටහඬ ඇහුණ දේදුණුගේ ඇස් තෙත් වෙන්න ගියේ තත්පර ගාණයි.
“කියන්න නඳුන්.. අහගෙන ඉන්නේ මම.. අනේ මට සමාවෙන්න.. මේ හැමදේම වුණේ මගේ වැරැද්ද නිසා..”
“ඒ ගැන හිතලා දුක් වෙන්න එපා.. ඔයාගේ මැසේජ් හැම එකක්ම මම බැලුවා.. ඒත් මේ චේතිය කියන දේ මම කොහොමද විශ්වාස කරන්නේ කියන ප්රශ්නේ නිසයි මම එතනින් එහාට ඔ්යාට කතා කළේ නැත්තේ..”
තමන්ට දේදුණු එක්ක ආපහු එකතු වෙන්න චේතිය උදව් කරනවා කිව්වත් ඒ දේ නඳුන්ට එකපාර විශ්වාස කරන්න බැරි වුණා.
************************************
“මිස්ටර් චේතිය සර්ජරි එක ඕකේ.. ඔයා හරිම වෙලාවට ගෙනාව නිසා කිසිම ප්රශ්නය්ක වුණේ නෑ…. තව ටිකකින් වෝඩ් එකට දායි.. අපි අද දවස එයාව බලලා ඉවර වෙලා හෙට ඔයාට වයිෆ්ව එක්ක යන්න පුළුවන්.. කලින් නිදා ගන්නත් ඉන්ජෙක්ෂන් දීලා තිබ්බනේ කැන්ඩි ඉඳලා ගෙනෙද්දී.. ඒ නිසා දැන් ආපහු සිහිය එන්න තව පැය තුනක් හතරක් යයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා.. නර්ස් කෙනෙක් ඇවිත් බලයි සැරෙන් සැරේ. මොනා හරි ප්රශ්නයක් තියෙනවා මට ඉන්ෆෝම් කරයි එයාලා..”
ඩොක්ටර් චේතියගේ හිත හැදෙන්න කතා කළා.
“තෑන්ක්ස් ඩොක්ටර්.. ගොඩක් පිං සුදූට කරදරයක් වේනන කලින් ඔපරෙෂන් එක හොඳට කළාට..”
චේතිය ඩොක්ටර්ගේ අත් දෙකම අල්ලලා ස්තූති කළා.
************************************
“නඳුන් තාම දේදුණුට ආදරෙයි ද..?”
චේතිය අහන්න ඕනේ ප්රශ්නය කෙළින්ම ඒ වගේම සරලවම ඇහුවා. ඒත් කිසිම කෙනෙක්ට තමන් පණ වගේ ආදරේ කරන බිරිඳ ගැන වෙන පිටස්තර පිරිමියෙක්ගෙන් මේ වගේ ප්රශ්නයක් අහන එක ඒ තරම් ලේසි පහසු දෙයක් නම් නෙමෙයි. මොන තරම් දේදුණුගෙන් ඈත් වෙන්න උත්සාහ කළත් ඒ ගැන තීරණ ගත්තත් මොහොතකට යටි හිත ප්රාර්ථනා කළා. “මම දේදුණුට දැන් ආදරේ නැහැ” කියලා නඳුන්ගේ කටින් පිට වෙයි කියලා. ඒත්..
“ආදරේ ඇති වේනනේ එක පාරයි චේතිය.. ඒක මට ඇති වුණෙත් එක පාරයි.. ඒක සදහටමයි.. කාලෙන් කාලෙට වෙනස් වෙන්න ආදරේ කරන්න මම දන්නේ නෑ.. ඒත් මට සමාවෙන්න මං නිසා ඔයාගේ ජීවිතේට මොකක් හරි අපහසුතාවයක් වුණා නම්.. මම දේදුණුගේ ජීවිතෙන් ඈත් වෙන්න දැන් වුණත් ලෑස්තියි එයාගේ සතුට ගැන හිතලා.. මං දන්නවා එයාව ඔයා හොඳට බලා ගන්නවා කියලා මටත් වඩා…”
Reviews
There are no reviews yet.