Sale!

No way out එනු මිස යනු බැහැ

රු465

Author – Lasitha raveen umagiliya
Publisher – Prathiba publisher
Publishing year – 2021

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: NLP0004 Categories: , Tag:

“අද උදේ පාන්දර වෙරළට ආපු මනුස්සයෙක්ට ඈත ඉඳලම දකින්න ලැබිලා තියෙනවා මනුස්සයෙක් වෙරළේ වැටිලා ඉන්නවා. ඒ මනුස්සයා වෙරළෙ රැල්ල ගහන සීමාවට බොහොම ආසන්නව තමයි වැටිල ඉඳලා තියෙන්නේ.. බැලූ බැල්මටම ඒ මනුස්සයට තේරුම් ගිහින් තියෙනවා අර මනුස්සයා මැරිලා කියලා. මොකද ඔලුවේ වම් කනට ඉහලින් වෙඩි පාරක් වැදුනු බව පැහැදිලව පෙනිලා තියෙනවා. ඒ වගේම තුවාලයෙන් ගලාගෙන ගිය ලේවලින් මුහුණයි වැල්ලයි රතුපාට වෙලා තිබිලා තියෙන්නේ. ඒ වෙඩි තැබීම කර ග්නන පාවිච්චි කළ පිස්ටල් එක එ මළ සිරුරෙ දකුණු අතේ රැඳිලා තිබුණලු ඒ වෙද්දිත්..”

************************************************

විදුලි බුබුලේ ආලෝකයෙන් කබානාව ආලෝකවත් වුවද සිය ජංගම දුරකථනයෙන් විදුලි පන්දම ද දල්වා ගත් ජගත් එය සියුම්ව පරීක්ෂා කිරීමට වූවේය. ප්‍රථමයෙන් ම ඔහුගේ උකුසු ඇස යොමු වූයේ යහන යට එක් පසෙකට කර තිබූ බාටා පාවහන් යුගලක් වෙතය.
“මේක කාගෙද?” ඔහු විමලරත්නගෙන් විමසීය.
ඔහු හිස දෙපසට සැලීය. ජගත්ගේ පරීක්ෂාව තවදුරටත් සිදු කෙරිණි. එසේ වුවද සාක්ෂ්‍යයක් ලෙස වැදගත් විය හැකි වෙනත් කිසිවක් සොයා ගැනීමට හැකියාව්ක නොලැබිණි. මිනිත්තු දහයකට පමණ පසුව ජගත් එම කබානාවෙන් පිටතට පැමිණි අතර ඔහුගේ මුහුණේ රැඳී තිබුණේ ප්‍රශ්නාර්ථ බැල්මකි.
“ඉන්පස්සේ මේක වෙන කාටවත් රෙන්ට් අවුට් කළේ නැහැනේ..?” ඔහු විමලරත්නගෙන් විමසීය.
“නැහැ සර්..”
මීළඟට එහු සෙසු කබානා ද පරීක්ෂා කර බැලීඹට වූයේය. ඒ සඳහා ඔහුට අඩ හෝරාවකට අධික කාලයක් ගත වෙන්නට ඇත.

************************************************

“කුලරත්න අද කැළණි පන්සල් ගියේ බාරයක් වෙන්න ද? බාරයක් ඔප්පු කරන්නද?”
“සර්.. සර්..” කුලරත්න ගොත ගැසුවේය.
“කෝ ඒ බුදු පිළිමේ කුලරත්න? කොහේද ඒක තිබ්බේ..?” ජගත් ඇසුවේ සන්සුන්වය. අසරණ මිනිසාගේ දෙනෙත කඳුළින් බොඳ වී ගිය අතර ඊට පිළිතුරු දිගත නොහැකිව ඔහු බිත්තට පිට දී දෘඪ සිමෙන්ති පොළොව මත ලිස්සා ගියේය. කාන්තාව ද සිය රෝගී දියණියගේ යහන අසල දණ ගසාගෙන කඳුළු සැලීමට වූවාය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart