“රන්දු ගිය ආත්මේ කෝලිතටයි මාලතීටයි එකතු වෙන්න බැරුව යන්න ඇති.. ඒත් මේ ආත්මේ රන්දුටයි දේවිටයි බාධාවක් නෑ නේද”
ඔහු ආයෙත් ඇහුවේ රන්දු මේස ලෑල්ල මත වැටුණ කඳුළු බිඳුවලින් රටා අඳිද්දී. දේවි උඩුමහලට පැමිණීයේ මේ කිසිවක් සැලසුම් කරගෙන නෙමෙයි. ඔහුගේ හදවත තුළින්ම පණ ලබපු සොඳුරු හිතුවක්කාරයාට ඉඩ දීලා.
****************************
“ෂෙහාර මොකද උනේ කියලා ඉන්නකෝ. අපි පස්සේ නිල් දිය උයන ගැන කතා කරමු. ඔයාට අසනිපයක් නම් ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..”
“මගේ අසනීපෙට හේතුව මෙන්න මේ ගෙදර දේව්.. උඩ කාමරේට ගියා විතරයි මගේ හුස්ම හිරවෙන්න ගත්තා. මේ ගෙදර බූත බංගලාවක්. හිරවෙන්න ගත්තා නෙමෙයි කවුරු හරි ඇවිත් මගේ බෙල්ල හිරකළා. මං එතනින් එළියට පැන ගත්තේ හරි අමාරුවෙන්..’
****************************
දෙව්මිණ ඇගේ හිස අත ගෑවේ දයාබරව. ඒ පපුතුරට හේත්තු වෙලා ඔහුගේ උනුසුමට ගුලිවෙන්න හිතුණ සිතුවිල්ල රන්දුනු මියැද්දුවේ මහත් ආයාසයකින්. තමන් කවදාක හරි උනුසුම සොයන්නේ තමන්ට අයිතිකරගන්න පුළුවන් පිරිමි පපුවකින් විතරයි කියලා රන්දුනු හැමදාම හිතුවා.
“මං මං පරිස්සමට යන්නම් රන්දු.. ඔයා නිදා ගන්න.”
ඔහු එහෙම කිව්වේ මහත් ආයාසයකින් වචන ගලපගෙන.
“රන්දු..”
ආයත් අඩි තුන හතරක් ඉදිරියට තියපු දෙව්මිණ පිටුපස හැරුණා.
“ෂෙහාරා කියන්නේ මගේ අයිතිය නෙමෙයි කියලා දැන් මට විශ්වාසයි.”
“ඒ අයිතිය ඔයා..” කියන බැල්ම ඔහුගේ ඇස්වත තිබුණත් රන්දුනු ඒක දුටුවේ නෑ.
Reviews
There are no reviews yet.