අයියා ඩබල වගේ නෙමෙයි මම හරි දඟයි මගේ වැඩත් හරි අමුතුයි. උන් දෙන්නම පොත් කාවෝ. උන්ට උපාධි ගන්නවා කිය්නනේ මට ගේමක් නැතිව රගර් මැච් එකක් දිනනවා වගේ. අපි පොඩි කාලේ සතෙක් හදන එක තාත්තාගේ අනිවාර්ය නීතියක්. එහෙම කරේ වගකීමක් පුරුදු කරන්නලු. අයියලා පොඩි බල්ලෝ හදද්දී මට ඕන උත්න් බුල්මැස්ටිෆ් කෙනෙක්. රොකී දැන් තඩි ඉලන්දාරියා. මගේ ඉමේජ් එකට ගැලපේනනේ ඒ වගේ එකෙක් මිසක් ඔය පොමනේරියන් හාල් කෑලි නෙවෙයි. අයියලා බෙන්ස් හොයද්දී මම ඉල්ලුවේ ෆෙරාරියක්. උන් දෙනනා ගොනයි මීමයි වගේ ඇන්දට මම ඩියොර්, බොස්, ඩොල්ස් ඇන්ඩ් ගබානා, අර්මානි වගේ බ්‍රෑන්ඩ් තමයි හෙව්වේ. මාව මේන්ටේන් කරන්න අධික වියදම්.
************************************************
“මේක අම්මිලව් ඔයාට දෙන්න කිව්වා..”
එයා මගේ ඉස්සරහම රැපින් එක ගැලෙව්වා. ලස්සන චූටි බේ්‍රස්ලට් එකක් මැද කොටස වැල් අකුරෙන් ෂෙනාති කියලා දලා. ෂෙනා වගේම ඒකත් කියුට්.
“මේකත් ගෙදර ගිහින් විසි කරන්න එපා මගේ එකට කරා වගේ. මගේ ලව් එකට දුක හිතෙයි. එයා ගොඩක් ආදරෙන් මේක ඔයාට හැදෙව්වේ…”
එයා මූණ ඇද කරගෙන අහක බලා ග්තතේ ඇඬෙන්න ආපු නිසා වෙන්න ඕන.. වෙන මොනවත් කියන්න කලින් මම එතනින් ආවා. එදා රෑ පළවෙනි පාරට එයා මට කෝල් කරලා අම්මට කතා කරන්න ඕනේ කිව්වා. ගොඩක් වෙලා අම්මිලව් එක්ක කතා කර කර හිටියා. අම්ම ලව් ආපහු ආවම මම ෆෝන් එකත් අරන් බැල්කනියට ආවා.
“නපුරිච්චි, ඔයා ට්‍රිප් එකට එනවා නේද..?”
************************************************
මේ කෙල්ල කෑ ගහන්නේ හරියට පොඩි එකෙක් වගේ. වටේ ඉන්න මිනිස්සුත් බලනවා සද්දෙට. මම එපා කිව්වෙත් නැ.. අද එයාගේ දවස. එයාගේ ආසාවට ඕනේ දෙයක්. ළඟට ඇවිත් මගේ අතින් අදිනකම් මම හිටියේ වෙනම ලෝකෙක.
“මට අරක ඕනේ..”
සරුංගලයක් යවන පොඩි එකෙක් පෙන්නලා ෂෙනා කිව්වේ කටත් උල් කරගෙන. එයාට එකක් අරන් දුන්නම ඒකත් උස්සන් අර බබා ළඟටම දුවලා ඒ බබත් අල්ලන් දුවන්න ගත්තා. ඒ බබාගේ අම්මා අහනවා ෂෙනා සුද්දි කෙල්ලෙක් ද කියලා මේ කරන වැඩවලට. සද්ද නැතුව හිටියොත් දවසම ඉඳී. දැන් ඇති යමු කියන හැම වෙලේම ප්ලීස් ප්ලීස් කියාගෙන ආපහු දුවනවා. බැරිම තැන මම ගිහින් උස්සලා කරේ තියා ගත්තා කෑ ගහද්දීම.
“අපිට තව ටිකක් සෙල්ලම් කරන්න තිබුණා කුෂ්.. අපරාදේ මගේ කයිට් එක හොඳට උඩ ගියා..”
දොර ඇරලා සීට් එක උඩින් තිබ්බාම එයා දුකෙන් වගේ කිව්වා.
“මැටි පූසි.. හොටෙල් එකට ගිහින් ඕන තරම් සෙල්ලම් කරන්න. දැන් යමු..”
************************************************
“මම හිතුවා හරි.. උඹ කට අරින්නේ නෑ.. මමම කියන්නම්.. අම්මේ ඔයා මහ ලොකුවට කියවන ඔය නම්බුකාර ඩැනියෙල් සේනානායක තමයි ෂෙනාතිගේ තාත්තා.. ඔයා මල්ලීව බන්දලා දෙන්න හැදුවේ ෂෙනාතිගේ නංගී නුමායට…”
කට්ටියම ෂොක් වුණ විදියට කටවල් වැහුනා. ෂෙනා අතුරුදහන් වෙච්ච එක අයියට සැක හිතුණ නිසා එයා මේ ගැන හොයලා. සල්ලි ටිකක් විසි කරා න්ම මැරිච්ච මනුස්සයෙක්ගේ වුණත් විස්තර හොයන එවුන් ඉන්නවා කියලා අයියා කියනවා.
“මිනිස්ටර් එෆෙයාර් එක නවත්තන්න කිව්වේ ඒක නිසා. මල්ලීට නුමායවා බන්දන්න බැරි උනොත් ඩැනියල් ෂෙනාතිව මරයි කියලා. ඌ ඒ ජාතියේ නරුමයෙක්. බොරු කලබල ඇති කරපු ඔයත් මේවට වග කියන්න ඕනේ අම්මේ..”
“තාත්ති ලොකු කියන එක හරි. ඔයාම කල්පනා කරලා බල්නන ෂෙණාති ගිය දවසේ ඉඳලා මේ ගෙදර මිනිස්සු සතුටින් ඉඳලා තියෙනවද කියලා. ඇයි ඒ? ඒ මල්ලී නිසා. කුෂාන් මෙහෙම ඉද්දී කාටද බලන් ඉන්න පුළුවන්. මේ දේවල් මෙහෙම වෙයි කියලා අපි අම්මට කලින්ම කිව්වා..”
“මේ හැමදේටම වැරදි මම ද? කුෂ් මේවා දැනගෙන හිටියා නම් කලින් කියන්න තිබුනානේ.. කුෂාන්ට මේ තරම් ආදf්ර් නම් ඒ කෙල්ල මොකටද පැනලා ගියේ. දැන් ඒකටත් මම පලි ද?”
“පැනලා ගියේ නෑ.. යන තැනට වැඩ සැලැස්සුවා. පලිද නැද්ද කියලා කරවපු මිනි්සසුම දන්නවා ඇතිනේ.. හැමදේම ළඟදීම එළි වෙයි. එතකොට බලාගමු..”
Reviews
There are no reviews yet.