‘අම්මා.. මට ක්ලෝක් එක අමතක වුණා.. ෆයිල්ස් ටික කාර් එකෙන් තියන්න.. මං ක්ලෝක් එක අරගෙන එන්නම්..”
“හරි ෂෝක් පුතා දැන් ඔයාගේ සිහිය.. පුදුම අමතක වීමක්නේ.. උසාවියට ගියාට පස්සේ මතක් වෙන්න තිබුණෙ..”
ඉතින් මම දනිමි. හිරුසර කීවේ බොරුය. ඔහුට කිසිදා ලෝගුව අමතක නොවේ. ඒ මොහොතේ ද ඔහුගේ ලෝගුව රිය තුළ තතිබියදී බොරු කියූ හිරුසර යළිත් කාමරයට ඇවිද ආවේය.
“මාත් එක්ක තරහටද ෆයිල්ස් ටික අම්මා අතේ එව්වේ..?”
හිරුසර ඇසුවේ මා ඉදිරියට ඇවිදින්ය. මම ඔහුට පිළිතුරු නොදී උන්නෙමි. හිත නොරිදුණා යැයි පැවසිය නොහැක.
“බන්ධිනී ඔයා එක්ක තරඟ කරන්න කවුරුත් නෑ.. එයත් එක්ක ඔයාව කම්පෙයාර් කරන්න එපා.. වරදක් වුණා කියලා හිතනවා නම් සොරි…”
හිරුසර කීවේය.
*************************************
හිරුසරගේ අම්මා මට බත් උයාගෙන පැමිණියේ ඉරිදා සවසය. ඇය පුතු ද ඈ සමගින් කැඳවාගෙන පැමිණියාය. මා දුටු සැණින් ඇගේ වියපත් නෙතෙහි කඳුළු ගුලි දෙකක් එල්ලී වැටිණි. ඉතින් මට ඇය ගැන ද දුකය.
“අනේ රත්තරනේ, මගේ කොල්ලගේ දරුවෙකුත් කුසේ තියාගෙන නේද මේ ඒකා දෙන ගින්දර උහුලගන්නේ? අද මං නංගියි මල්ලි මට ගහලා එලෙව්වත් කමක් නෑ කියලා හිතාගෙන මේ ගෙට ගොඩවුණේ.. කොහොමද මෙහෙම ඉන්නවා කියලා ආරංචි වෙද්දිත් බත් කටක් නොදී ඉන්නේ? වැරදි කරත් හිරුසර මගේ එකම දරුවා දුව.. හිත වාවන්නේ නෑ. එයාගේ දරුවෙක් ලැබෙන්න ඉද්දි මං ඔයාට සැලකුවේ නැත්තන්..”
අම්මා පැවසුවේ මා වැළඳගෙන මගේ හිසද සිපගෙනය. මේ නූඵන් දරුවා ඇගේ මිණිබිරියක හෝ මුණුබුරෙකු බැව් සැබෑය.
****************************
“හරි බබා පැයයිනේ.. මංං එනවා.. අම්මයි දුවයි දැන් මගේ ළඟට එනවා නේද? මං එනින් ගමන් ඔයාව ගන්නම්.. ප්ලීස්… හොඳ කෙල්ලනේ මගේ…”
හිරුසර කීවේ මගේ වතට සුරත තියා පිරිමැදය. ඉතින් හේතු කාරනා නැතිවම දැන් මේ සිත පිරේ. සතුට ඉහිලුම් නොදේ. ඔහුගේන මිදී නොයන තරමට මා පිං කළ බැව් අදහා ගන්නෙව්ත කෙසේද?
“මාව එපා කියලනේ නඩු දැම්මේ..? මං එන්නේ නෑ.,”
සිත තුළ අල්පමාත්‍රික වුව නොරිස්සුමක් නොවි වුව තවමත් නෝක්කාඩුවෙන් බැව් හඟවන්නට සිතා මම මුව ද ඇද කරගෙන මිමිණුවෙමි.
Reviews
There are no reviews yet.