Sale!

Maru kadawu sarayatiya මරු කැඳ වූ සැරයටිය

රු550

Author – Lasitha raveen umagiliya
Publisher – Prathiba publisher
Publishing year – 2020

Availability: 3 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: LMP005 Categories: , Tag:
“නැහැ නමුත් මේකෙන් අවසන් නිගමනවලට එළඹෙන්න හදිස්සි වෙන්න එපා.. ඇෂ්ටන් තමන්ගේ මිත්රයෙක්ට කියලා තියෙනවා ලැක්ස්ටර් අන්තිමට කොහොමහරි හැම දෙයක්ම ගැනම බැලුවා කියලා.. නමුත් ඇෂ්ටන් හිතුවා තමන්ට පුලුවන් නම් තමන් ඉතිරි කර ගත් මුදල්වලින් වෛද්යවරුන්ටයි රෝහල්වල බිල්පතුයි ගෙවලා පෙන්වන්න.. ඒ මුදල් නැවත අය කර ග්නන වඩාත් හොඳ අවස්ථාවක් තියෙනවා කියලා..” ඩ්රේක් පැවසීය.
“විස්තර කරන්න..” මේසන් පැවසීය. “ඔබ යමක් පෙන්වා දෙන්න හදනවා.. මොකක්ද ඒ..?”
***************************************
“ඊඩිත් ඕෆ්ලේ…” සෑම් ලැක්ස්ටර් අවඥාසහගත අයුරින් පැවසුවේ ෂස්ටර් පිළිබඳ තැකීමක් නොකරමිනි. “ඒකි මැරිලා නොහිටියා නම් මම ඕකි ගැන බලා ගන්නවා..”
එවිට අතිශය කෝපයට පත් වූයේ ඕෆ්ලේ සිය සුරතින් ෂස්ටර් ඉවතට තල්ලු කර දමා වමතින් සෑම් ලැක්ස්ටර්ගේ කම්මුලට අතුල් පහරක් එල්ල කළේය.
“මහත්වරුනි මහත්වරුනි.. අමතක කරන්න එපා..” ෂස්ටර් විලාප නැඟුවේය. ඒත් සමඟින් සෑම් ලැක්ස්ටර්ගේ සුරත පසුපසට කැරකී ඕෆ්ලේගේ නිකට දෙසට වේගවත්ව එල්ල වූවේය. එහෙත් එය සෘජුවම එල්ල වූයේ කුඩා සිරුරැති නීතිඥ ෂස්ටර්ගේ මුහුණට ය.
“ඔබ විත්තකරුව දකින විට ඔහු සැරයටියක් අතේ තියාගෙන හිටියා ද..?”
“නැහැ ස්වාමිනී..”
“ඔබට ස්ථිර ද ඔහු අරගෙන ආවේ ක්ලින්කර්මයි කියලා…”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart