“තමුසෙට හොඳක් වෙන් නෑ.. තමුසේ නරුමයෙක්. මැරයෙක්..”
බලෙන්ම අල්ලගෙන රිදෙනකල් තම්නගේ දෙතෝල සිපගත්තු තුහිනව තල්ලු කරලා මහීමා කෑ ගැහුවා.
“කුමාරිහාමිගේ රෙස්පෙක්ට් එක බැහැලා නෑ නේද තාම.. දැන් නීතියෙන් තමුසෙ අයිති මට..”
‘තමුසෙ මාව බලෙන් කසාද බැන්දට මේක හරි කසාදය්ක නෙමේ. අතාරිනවා මාව.. මං අයියට කියලා තමුසෙව ජීවිත කාලෙම හිරේට දානවා.. එල්ලුම් ගහට යවන් නෑ. කළුවර කාමරේක මැරෙනකල් දුක් විඳගෙන ඉන්න වෙයි..”
කෙල්ලගේ ඒ කතාවට කොල්ලගේ මූනට ආවේ මරු හිනාවක්.
“තවත් කටේ සද්දේ අඩුවෙලා නෑ නේද.. මේ කාමරේ ඉන්නේ තමුසෙයි මායි විතරයි. තමුසෙ මගේ වයිෆ් දැන්. මාව නවත්වන්න බෑ කාටවත් දැන්.?”
*********************************
“රෝසකැටේ මොකද මේ..”
තුහින කෙල්ලගේ කනට ළං වෙලා රහසින් ඇහුවා.
“ආ…”
“මොකද කල්පනා කරන්නේ..”
“මට හිතා ගන්න බෑ තුහින.. මේක හීනයක් වගේ..”
“මේක හීනයක් නෙමේ කෙල්ලේ..”
*********************************
“මහීමා..”
තුහින බෙරිහන් දෙන සද්දේ ඇහුණු ගමනේ මහීමා එක පිම්මේ රූම් එකට දිව්වා.. තුහින ඇහැරෙන වෙලාවට මහීමා ළඟ ඉන්නම ඕනේ.. ඒක තමා කොල්ලගේ නීතිය. බැරිවෙලාවත් මහීමා හිටියේ නැත්නම් තුහින යකා වෙනවා. අදත් වුණේ ඒක. මහීමා දඩබඩ ගාලා ඇඳට නැඟලා ශීට් එක පොරවගෙන ඇස් දෙක වහ ගත්තා.
“කුමාරිහාමි නීති කැඩුවොත් දඬුවම් දෙනවා.. අරිනවා ඇස්..”
“බෑ.. බෑ අම්මෝ බෑ..”
“අරින්නයි කිව්වේ.”
තුහින මහීමාගේ ඇස් බලෙන් අරින්න හදන ගමන් කිව්වා.
*********************************
මහීමාට හුස්ම ගන්නවත් බෑ. කොල්ලා ඉඹින එක ඉවරයක් නෑ.
“තුහින? අහන්නකෝ දැන් ඇති..”
මහීමා තුහිනගේ මූණ දෝතට ගත්තා.
“බෑ.. මදි මට..”
කොල්ලා ඇස් චූටි කළා.
“ඔයා ආයෙත් මැරයෙක් වුණාද..”
“ඔව්.. ඇයි දැන් මට කැමැති නැද්ද.?”
“මතක නැද්ද මේජර් මහත්තයට.. මං මුලින් කැමැති වුණේ මැරයට කියලා..”
“ඒයි රෝස කැටේ ඉස්සර වගේ බනිනවකෝ මට.. ආ.. අර වචන සෙට් එක කියලා.. රස්තියාදුකාරයා මැරයා අමනයා මාව එල්ලුම් ගස් යවන හැටි කියනවකෝ..”
“හරි නරකයි ඔයා.. ඕවා ඔක්කොම තවමත් හිතේ තියෙනවද..”
“ඔව්.. මං නරක බව ඉතිං කියන්න දෙයක් නෙවෙයිනේ..”
“ඇයි තුහින ආයෙත් මෙහෙම ඉන්නේ..”
Reviews
There are no reviews yet.