Sale!

Manjari මංජරී

රු872

Author – Ankith Akshara

Publisher – Ahas publishers

Year – 2022

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: MAA 0006 Categories: , Tag:

මෙතෙක් වේලා තුරුල්ව සුව විඳි ඒ පපුවෙහි හිමිකරුගේ මුහුණ මා නිදහසේ විඳ ගත්තෙමි.
“මම සතිෂ්ක, සතිෂ්ක අනුරුද්ධ ඒකනායක. මේ හොටෙල් එක මගේ. ඔයා කාගේ කවුද කිව්වොත් භාරකරයින්ට කිව්වහැකි..”
ඔහුගේ දෙවැනි ඇමතුමෙන් මා පියවි සිහිය ලදිමි.
“මම.. අද මගේ බර්ත්ඩේ පාටිය තිබ්බා මෙහේ. පොඩි රණ්ඩුවක් වෙලා අප්පච්චිලා පොලිසි ගියා. මාව එයාලට මිස් වුණා. අක්කා ආමන්ත අයියා එක්ක ගිය නිසා තමා රණ්ඩු වුණේ. ඔය ආවේ අක්කට ප්‍රපෝස් කරපු කෙනාගේ මල්ලි..”
අසීරුවෙන් වචන අහුලා මම කීවෙමි.
*********************************
“ෆෝන් එක බෑන්ක් එකේ දාලා ඇවිත් බබා.. මගදි මතක් වෙලා අනික් ෆෝන් එකෙන් මැනේජර්ට කිව්වා මම ඒක අරන් තියන්න කියලා.. ඔයාව අරන් ආපහු බෑන්ක් එකට යන්නනේ ආවෙත්. මගේ කාර්ඩ් එක ගෙදර අයට අහු වුනොත් ගැටළුවක් නිසා ඔයාට එකවුන්ට් එකක් ඕපන් කරන්නයි ඕනේ උනේ.. ඔයා මගේ ළඟට ආවත් හරි මං සල්ලාල වැඩ කළේ නැහැ මැණික..”
“මම ඔයාව සැක කරා නෙවේ සතී. අනික් ඕවා ඔයාගේ ජීවිතේ තිබ්බා කියලත් මං දන්නවා.. එහෙම කියලා ඔයාව අතාරින්න බැරි තරමට මාත් ඉන්නේ පිස්සුවෙන්. මටම ඒකෙන් මිදෙන්න බැහැ… මට ඔයා නැතුව බැහැ..”
සතිෂ්කගේ දෙතොල මා නළලත තැවරෙද්දී මා තවත් ඔහු තුරුලට ගුලි වීමි. එහෙත් එය තත්පර කිහිපයකට පමණක් සීමා වූයේ අප බැංකුවට පැමිණ තිබූ නිසාය.

****************************************

“මිසිස් නීලා නානායක්කාර, තමුන්ගේ වචනවලින් කියනවා නං අවජාතක එකා කියලා අපහාස කරපු විග්නේස් සතිෂ්ක අනුරුද්ද ඒකනායක කියන්නේ මේ මංජරීගේ හුස්ම ටික. මාව ජාතක කරපු මගේ තාත්තා කියන මනුස්සයාට වඩා මාව රැකපු මට ආදරේ කරපු කෙනා. තමුන් හිතනවා නම් තමුසෙගේ දහංගැටවලින් අපිව වෙන්කරා කියලා ඒක තමා ලොකුම වරද. සතිෂ්ක නැති මේ ජීවිතේ මට මොනවා වුණත් එකයි. අරූව මං මරනවා. අනිවාර්යෙන්ම දෙවියං ප්ලලා. ඕකුන් ඔක්කොම මරලා හිරේට වෙලා ඉන්නවා..”
මා කෑ ගසද්දී කාමරයට දිව ආවේ භානුක අයියාත් අම්මාත්ය. එහෙත් මා අම්මාගේ මුහුණ නොබැලුවෙමි. භානුක අයියා අතට බෙහෙත් දමන්නට ගනිද්දී අනෙක් අය කාමරයෙන් පිට විය.
“නංගී මං තමුසෙට කොච්චර කෝල් කළා ද හලෝ, මාත් මේ වෙඩින් එක ගැන දන්නේ පෙරේදා. අපේ ගෙදරින් මටත් කොලේ වැහුවා..”
“සතිෂ්ක රිමාන්ඩ් එකේලු අයියේ.. මුං මොනවා හරි කරලා, මඟුල නැවැත්තුවොත් එළියට එන්ඩ දෙන්නෙම නැහැල්ලු..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart