“එයාව මට දැකලා පුරුදුයි..”
ඒ තියුණු ඇස් මතක් කර ගන්න ගමන් මම කිව්වා.
“හරියට හොඳටම දන්න කෙනෙක් වගේ..හදවතේම ඉන්න කෙනෙක්. ඒ ඇස් මං දැකලා තියෙනවා කොහෙදිහරි..”
මං කියාගෙන ගියා. ඒ ඇස් මතක් වෙද්දිත් ගැස්සෙනවා මාව..”
**********************************
“මෙයා කවුද අක්කි..”
පායා මීෂා අක්කගෙන් ඇහුවේ ඇස්වලින් මාව පෙන්නලා.
“ආහ්.. ඔයා සේයාව දන්නේ නෑනේ මේ ඉන්නේ අපේ අලුත් ෆැමිලි මෙම්බර.. මිසිස් සේයා ශාක්‍යසිංහ..”
මගේ නමට ක්‍රිශ්ගේ වාසගමත් එකතු කරලා අක්කා පුරුදු හිනාවෙන්ම උත්තර දුන්නා.
“ඇයි අක්කි මේ වගේ කෙනෙක්ව ෆැමිලි මෙම්බර් කෙනෙක් කර ගත්තේ..?”
පායා එකපාරටම එහෙම අහද්දී අක්කා “චූටි නංගී’ කියලා සැර කළා එයාට. පායාගේ ඇස්වල මං ගැන තියෙන තරහා ඒ වචනවලින් හොඳටම දැනුණා.
“මේ අක්කිගේ නිකට ළඟ බර්ත් මාර්ක් එකක් තියෙනවනේ.. එහෙම අය මිනිස්සුන්ව ඉක්මනට අතඇරලා දානවලු.. කිසිම අනුකම්පාවක් නැතුවම ඒ අයට ආදරේ කරන මිනිස්සුන්ව ඈත් කරනවලු. සහෝදරකම, බැඳීම් කියන්නේ නිකන්ම නිකන් වචනයක් විතරයි ඒ අයට..”
උල් පිහියකින් අනිනවාටත් වඩා ඒ වචන මගේ පපුවට වේදනාවක් ගෙනාවා.
************************************
“දෝණි නැඟිටින්න මැණික.. මාව බය කරන්න එපා දෝණි..”
නළලට එක දිගට දැනෙන දෙතොල් පහසත් එක්ක මං හෙමීට ඇස් ඇරියා.. ඇහි පිහාටු ඇලවිලා වගේ.. මාව තුරුළු කරගෙනම හිටියේ ක්‍රිශ්. කිසිම තැනකදී අත අරින්නේ නැතුව මාව අල්ලගෙනම ඉන්න අත්වැල එයා.
“ක්‍රිශ්.. ඒ.. ඒ මගේ..”
“ෂ්.. කතා කරන්න එපා දෝණි.. මේ වතුර එක බීලා ඉන්න..”
හෙමීට මං වතුර උගුරක් බිව්වේ ක්‍රිශ්ට වාරු වෙලා.
“ඔච්චරටම දරා ගන්න අමාරු වෙයි කියලා හිතුවේ නෑ මැණික..”
ඒ වචනවල තිබ්බේ පසුතැවීමක්.
“සුදු බෝලෙව කොහොමද.. ඔයා..?”
Reviews
There are no reviews yet.