“සූ ඔබට පුළුවන්ද කාර්ල්ටන්ව පැය භාගයක් බලා ගන්න. මට බොහොම වැදගත් වැඩක් යෙදිලා තියෙනවා. මට ඔහුව අරගෙන එතැනට යන්න පුළුවන්කමක් නෑ. ඔබ දන්නවනේ ඔබ එක්ක විතරයි ඔහු ඉන්නේ කියලා..”
සූ සිය අත් ඔරලෝසුව දෙස නෙත් කොණින් බැලුවාය. මිනිත්තු තිහ අවම වශයෙන් මිනිත්තු හතළිස් පහක් බවට පත්වන බව ඇය දැන සිටියාය. ඇතැම් විට එය හෝරාවක් දක්වා දිගු විය හැක.
“හොඳයි…” යැයි පැවසූ ඇය මඳක් දෙගිඩියාවෙන් සිට නැවත ඔරලෝසුව දෙස බැලුවාය.
“මං වෙනුවෙන් ඒක කරන්න කියලා නෙවෙයි මම කියන්නේ..” එළිසබෙත් පැවසුවාය. “කාර්ල්ටන් ඔබත් සමඟ කතා කරන්න මොනවද තියෙනවලු..”
****************************************
මේසන් මෝටර් රථයේ දොර විවර කළේය. “ලොව්රි ඔභගේ හවුල්කාරයා හැටියට කාවද තෝරා ගන්නේ කියන එක ගැන බොහොම ප්‍රවේශම් වෙන්න. සමහර විට ඔබට තෝරා ගන්න පුළුවන් හොඳම හවුල්කාරයා ‘සත්‍ය’ වෙන්න පුළුවන්..”
ඒත් සමඟම ලොව්රි වහාම රථයෙන් බැස ගත්තේය. “මේ බලන්න ඔබ හමුවුණ එක ගැන මට බොහොම සන්තෝසයි. ඒ වගේම ඔබගේ මේ ලේකම්වරියව. මම හිතනවා ඔබ මට බොහොම වටින උපදේශයක් දුන්නා කියලා. මගේ හිතට දැන් ලොකු සැනසීමක් දැනෙනවා..”
ඩෙලා ඔහුට සුරත දිගු කර මඳහසක් පෑවාය.
****************************************
“මම සොයාගත්තා මළ සිරුර තිබුණු තැනට යොමු වෙලා තිබුණු බොහොම පටු ගමන් පථයේ මෝටර් රථයක් ගමන් කර තිබූ බව. මම ප්‍රවේසමෙන් ඒ රෝද සලකුණුවල ආදර්ශ අච්චුවක් සකස් කර ගත්තා.. ඒවායේ බොහොම පැහැදිලව පෙනෙන කට්ට රටා තිබුණා..”
“ඒ ටයර් සියල්ල එකම වර්ගෙද?”
“නැහැ ස්වාමීනි.. එතැන වර්ග දෙකක ටයර් ඇතුළත් වුණා. වර්ග දෙකක කට්ට රටා දකින්න තිබුණා. ඒකේ ඉදිරිපස රෝදවල තිබුණෙ එක රටාවක්. පසුපස තවත් රටාවක්. ඒ විතරක් නෙමෙයි ඉදිරි දකුණු පස ටයරයේ තිබුණු පළුද්දක් නැත්නම් කඩතොළු වීමක් නිසා ඇතිවුණු විශේෂිත සලකුණක් පොළොව දකින්න ලැබුණා..”
Reviews
There are no reviews yet.