මම රෆ්ලි අයිඩියා එකක් ගත්තා මට තනියම ඒ ගාන ඉන්වෙස්ට් කරන්න පුළුවන් වෙයි”
මගේ මුවගට පැමිණියේ ඒ මොහොතේ කිසිසේත් බලාපොරොත්තු නොවුණු මද සිනහවකි. ඔහු නළල රැලි ගැන්වූයේ පිළිතුරක් අපේක්ෂාවෙනි.
“එහෙන්ම මිස්ටර් මයන්තට දිගටම බිස්නස් එකත් එක්ක ඉන්න බලාපොරොත්තුවක් තියනවා”
මින්පෙර වරක් හෝ දෙවරක් අසා ඇති හඩ නැගෙන සිනහවකට ඔහුගේ මුව විවර විය.
“මම බලාපොරොත්තු දෙන්නෙ ටික ටික. ඒ නිසා ඕවට දැන්ම උත්තර දෙන්නෙ නෑ”
මා ඇසූ පැනය ඉක්මවා ගිය පිළිතුරක් එහි ඇති බවක් හැඟුණද එය අවබෝධ කර ගැනීමේ උත්සාහයක් හෝ ගැනීමට මට සිතුණේ නැත.
********************************
නිවසේ පෝටිකෝව යටින් මලානික විදුලි ආලෝකයක් විහිදුනද මහ වැසි සුළං හඬ අප පැමිණි බව අම්මාගෙන් සඟවන්නට ඇත. ගේට්ටුව විවරව තිබුණේ මා බලාපොරොත්තුවෙනි. මගේ පසින් දොර විවර වූයේ කුණාටුවත් සමග පැමිණි හිරිකඩක් දියණියගේ සුව නින්දට බාධා කරමිනි. සිදුවන්නට යන්නේ කුමක්දැයි ඉවෙන් මෙන් වැටහුනද විරුද්ධ විමට අවස්ථාවක් හෝ අමුතුවෙන් එකගවීමට හැකියාවක් තිබුණේ නැත. ඝනාන්දකාරය මැද දිදුළන තරු නෙත් වූයේ මට ඉතා ආසන්නවය. මම එහි පැටලෙන්නට වෙර දරන දෑස් අසීරුවෙන් මුදවාගෙන දියණිය තවත් තදින් සිරුරට තෙරපා ගතිමි.
“මම දුව ගන්නද…”
හිස දෙපසට සොළවමින් යෝජනාව ප්රතික්ෂේප කළ මම පාදයක් පිටතට තැබුවෙමි. සාරියද අඩි උස පාවහන්ද ගලායන වැසි දිය සහිත මාර්ගය සුහඳශීලීව පිළිගත්තේ නැත. මෙතෙක් ළඟ ළඟම දැනෙමින් තිබූ උණුසුම උරහිස වටා පැටලී දකුණු බාහුව මත නතර විය. මට දෙපා තැබීම වඩාත් අසීරු වූයේ අන් සියලු බාහිර සාධක පරයමින් සිරුර අභ්යන්තරයෙන්ම නැග ආ අප්රාණික බවක් හේතුවෙනි.
***************************************
රියෙන් පිටතට බට මයන්ත මගේ පසින් පැමිණ දොර විවර කළේය.
ඒ වන විටත් මා තොරාගෙන තිබු මිදිගෙඩි කිහිපය සෝදා මුවට ලං කළේ මගේ දෑස් පටලා තැනීමට තැත් කරමිනි. මම සුපුරුදු ලෙසම ඒ බැල්ම මගහැර යනවිට මයන්තගේ මුවින් පිටවූ උණුසුම් සුසුමක් පැමිණ මගේ මුහුණෙහි නතර විය.
“නිවර්තනා… මට බයයි…”
මම වහා ඔහුගේ දෑස් සොයා ගියෙමි. එහි සැබවින්ම භීතියක සේයාවක් විය.
“එකපාරකුත් මෙච්චර විනාසයක් වුණේ අම්මගෙ අකමැත්තෙන් බබෙක් හදලා…”
“ඒ කිව්වෙ…”
“ඔයා දැන්වත් ඒක අහගෙන ඉන්නවද…”
“කියන්න මයන්ත…”
Reviews
There are no reviews yet.