කිසි දෙයක් ඉවර වෙලා නැහැ අවිනාශ්.. මරණෙන් කිසිම දෙයක් කෙළවර වෙන්නෙත් නෑ.. බලන්න ඒ උපන් ලපය.. ඔය කකුලේ තියෙන සිතියමක හැඩේ උපන් ලපය තේෂ්ගේ කකුලෙත් මෙතනම තිබුණා ඔයාට මතක ඇති.. මේක අදහන්න අමාරුයි තමයි ලොකුපුතේ.. ඒත් මේ ඉන්නේ තේෂ්.. එයා ආපහු ඔයා ළඟටම ඇවිල්ලා.. ඒත් දවසින් දවස ලොකු මහත් වෙද්දී ආය මොන විදිහේ දෙයක් සිද්ද වෙයි ද අපි කාටවත් හරියට නිගමනය කරන්න බැහැ.. මේක තමයි මේ පුදුම සංසාරේ හැටි..”
*********************************
“මට සීතලයි අවිනාශ්..”
“හරි හරි ඉන්න..”
ඔහුගේ අතැඟිලි වෙව්ලුවේය. එහෙත් හෙතෙම වහා ඇගේ තෙත ඇඳුම ගලවා දමන ලදී. නාරි ලාලිත්‍යයෙන් පිරී ගිය ඇගේ සුන්දර ඇත්දළ පැහැ සිරුර දෙස මොහොතක් බලා සිටි හෙතෙම පසෙක තිබූ පොරොවනය ගෙන ඇගේ සිරුර වටා දවටන ලදී.
පසුව ඇය ඒ යහනෙහි වාඩි කළ අවිනාශ් ඇගේ හිසකෙස් ද සිරුර ද පිස දැමුවේම ඇය කෙරෙහි උපන් අනුකම්පාවෙනි. පිස දමා පසුව ඔහු ඇගේ පිරී ගිය කොපුලෙන් අල්ලා ඒ වත ඔහුට පෙනෙන පරිදි උඩට ඔසවා ගත්තේය.
Sale!
Jeewathra ජීවාත්‍රා
රු680
Author – Gimhani Wasana
Publisher – Geema publication
Year – 2022
Availability: 3 in stock
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.