Sale!

Hinahen Wassanaye හිනැහෙන් වස්සානයේ

රු640

Author – Dilruskhi Gamage

Publisher – Sithuwili publication

Publishing year – 2021

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: HDS003 Categories: , Tag:

“සිග්සැග් ඔයා එහෙම කෙනෙක් ද?”
“කොහොම?”
“දෛවය පරද්දපු..”
“හ්ම්.. ගොඩක් අය කියනවා සහස්.. ඒත් මං දන්නේ නෑ.. හැබැයි මං මගේ හිතට එකඟව ජීවත් වෙනවා.. යුතුකම් වගකීම් ඉෂ්ට කරනවා..”
“මට පිස්සු වගේ සිග්සැග්..”

***************************

“සහස් කියනවා එයාගෙනුත් ලොකු පුතාටමොනවා හරි දෙයක් වෙන්න ඕනලු..”
“එයා මොනවා කරන්නද..?”
“සහස් ගානේ එයාගේ බෑන්ඩ් එක වෙඩින් එකට සිංග් කරන්නම් කියලා ලොකු පුතාට කියන්න කිව්වා..”
මුලින්ම බකස් ගා සිනහවක් පිට පැන්නේ රාධිගෙනි. මාමණ්ඩියත් නැන්දණියත් මුහුණෙන් මුහුන බලා ගත්තේ දෙතොල් පිට පෙරලා හෙලූ සමච්චල් සහගත සිනහවක් සමඟිනි.
“එයා හිතාගෙන ඉන්නේ මේක මේ ගමේ ගොඩේ සරොම්කාරයෙක්ගේ මඟුලක් කියල ද? අනේ අම්මා මේ අපි සින්ගර්ස්ලත් අඳුනනවා.. බෑන්ඩ් මොනවද කියලත් අඳුනනවා..”

***************************

අහස්නා සිත් රූ ප්‍රදර්ශනාගාරයෙන් පිට වූයේ වෙනදාටත් වඩා මඳක් වේලාසනිනි. ඈ ගයාන් සූරියබණ්ඩාරගේ කාර්යාල කාමරය අසලදී මඳක් නතර වූයේ සිත බලකල නිසාය. එහෙත් ඔහු එහි උන්නේ නැත. කොහොමටත් ඔහු ප්‍රදර්ශනාගාරයේ රැඳී සිටින්නේ පැය කිහිපයකි.
“සිග්සැග් ඔයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.. ඔයාට කියන්න ඔයාගෙන් අහන්න ගොඩක් දේවල් තියෙනවා.”
සහස් පැවසුවේ යුවතිය නගර මධ්‍යයේ දුටු හැටියේමය. ඔහු වෙනදා තරමටම දොඩමළුය.
“සිග්සැග් මොනවම හරි වෙලා තියෙනවා.. දැන් මට ඒ ටූ ඉසෙඩ් කියන්න.. ඕකේ.”
ඈ නෙතු එසවූයේ එවෙලෙහිය. එකම සමාන්තර රේඛාවකදී එකට යාවුණු දෙනෙත් මේ යාළුකමේ විශ්වාසය තහවුරු කරමින් උන්නේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart