Sale!

Eka ruwa dehadaka nathara wela එක රුව දෙහදක නතර වෙලා

රු810

Author – Wathsala karunarathna

Publisher – Sankha prakashakayo

Publishing year – 2021

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: EWS002 Categories: , Tag:

“නිදාගන්න සුදූ.. මම ගැන බය වෙන්න එපා.. මම පරිස්සමට එන්නම්.. ආව ගමන් පවිත්‍රා ඇන්ටිට කෝල් එක්ක දෙන්නම්.. ඒ නිසා ඔයා බය නැතුව නිදාගන්න.’ ඔහු දුරකථන පණිවිඩයක් එව්වේය. සදේශිට සැහැල්ලුවක් දැනිණි.
“සුදූ..’ ඒ ඇමතුම නිසාවෙන් ඔහුගේ කේන්තිය පලාගොස් ඇති බව සදේශි වටහා ගත්තාය.
එහේත ඔහු ගැන හිතට දැනෙන පීඩාව මදක් හෝ වෙනස් වූයේ නැත. ඔහු රාත්‍රියේ තනිව ආපසු එන බව මෙන්ම ඔහු අධික වේගයේන රිය පදවන බව ද ඇය දැන සිටියාය.
අනේ දෙයියනේ නිලාජ්ට වගේම දිලේෂ අයියාටත් තුණුරුවන් සරණයි.

“ඔයා ගොඩක් වෙනස් වෙලා දේශී.. ඒක මට ගොඩක් දැනෙනවා..” නිලාජ් ඇයගේ කෙස් රොද්ක කනේ පසෙක රඳවමින් කීවේය.
“කොහොමද දැනෙන්නේ..?”
සදේශි විමසුවේ තිගැස්ම වළකාගෙනයි.
ඔහු ළඟදී හිතට දැනෙන තිගැස්ම, නුහුර, ආගන්තුක හැඟීම මෙන්ම හිතේ ඔහු ගැන වූ කහට වළකා ගැනීමට සදේශී තවම අපොහොසත්ය.

“ඇති යන්තම්..” දිලේෂ සදේශී දෙස බලා සැනසුම් සුසුම් හෙලුවේය්.
“මේ හැමදේම කරන්නේ ඔයාගේ හොඳට මගේ මැණික.. ඔයාට ලස්සන ජීවිතයක් හදලා දෙන්න.. ඔහු ඇයගේ නළල මෘදුව සිප ගනිමින් මිමිනුවේය.
සදේශි නින්දෙන්ම කෙඳිරියක් නංවමින් දිලේෂ වෙත හැරී ඔහුට තුරුල් වූයේය. ආයාසයෙන් හැඟීම් යටපත් කර ග්ත දිලේෂ ඇයව පරිස්සමට ඉවත් කොට යහනින් නැඟී සිටියේය.

රිශේදි නිසාවෙන් නිලාජ් ඔහුගේ මහ ගෙදරට ගියේ නැත. සදේශි කෝප කරවීමට පැවසුව ද රිශේදිව නිවසට ගෙන්වා ගැනීමට හෝ ඇය සමඟ සබඳකම් පැවැත්වීමට හෝ අවමයෙන් ඇය සමඟ කතා කිරීමටවත් නිලාජ්ගේ සිතේ අදහසක් නොවීය. එනිසාවෙන් ඔහු ඔහුගේ නිවසට ගියේය.
නිවටස ඇතුළු වෙද්දී පෙනෙන මංගල ඡායාරූපය ඔහුට සදේශීව සිහි කළේය. මොන වරද කළද ඇය ගැන අනුකම්පාවක් ඔහුගේ සිතේ විය.
“ඇයි දේශී ඔයා මට මේ වගේ වංචාවක් කළේ.. වෙන කෙනෙක්ගේ දරුවෙක් හදාගෙන එයා මගේ කියන්න තරම් ඔයා නපුරු වුණේ කොහොමද..?’ ඔහු ඇගේ පින්තූරය දෙස බලාගෙන මිමිණුවේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart