Sale!

Duvili malak දූවිලි මලක්

රු712

Author – Nishee botheju
Publisher – Nishee publication
Publishing year – 2021

Add to Wishlist
Add to Wishlist
SKU: DNN0007 Categories: , Tag:

ආසම කරන සිංදුවක් තාලෙට මුමුණන ගමන් අනුත්තරා මල් වාස් ටික ඇන්තූරියම් මල්වලින් සරසන අතරේ ඇස් අගිස්සෙන් කවුදෝ තමන්ගේ පැත්තට එනවා දැක්කා.
“වාව්.. ඔයාට රසට කොෆී හදන්න පුළුවන් වගෙම් සිංදු කියන්නත් පුළුවන්නේ..”
මෙච්චර උදෙන්ම ගෙදර කවුරුවත්ම නැඟිටින්නේ නැති නිසා විශ්වගේ කටහඬ ඇහුණාම අනුත්තරා ගැස්සිලා ගියා. ඒත් ඊයේ රෑ වුණ සිද්ධිය නිසා විශ්ව එක්ක හිනාවෙන්න තියා විශ්ව කියන දේවත් අහන්න අනුත්තරාට ඕනෑකමක් තිබුණේ නෑ.
“මේ.. අයි ඈම් සොරි..”
ඒ දේ ඇහුණම අනුත්තරා ඇස් උස්සලා විශ්ව දිහා බැලුවේ පුදුමයෙන්.
“මේ. මේ.. මට ඊයේ අර සර්වන්ට් කතාව ඔයාට නොකියා ඉන්න තිබුණේ..”
******************************************
“දෙයක් අහන්න ද? ඔයා එයාට ගොඩක් ආදරෙයි ද?”
“ම්ම්.. හැබැයි එයාවත් දන්නේ නෑ මං එයාට කොච්චර ආදරෙයි ද කියලා. ඒත් මේ අපේ අම්මලා හින්දා එයා මට කැමැති වෙන්නේ නෑ..”
“ඉතිං දෙයියනේ ඇයි එහෙනම් ඔ්‍යා ඔයාගේ අම්මා එක්ක කතා කරන්නේ නැත්තේ.. ඔය දෙන්නම කැමැති නම් ඔයා අම්මට හැමදේම තේරුම් කරලා දෙන්න.”
“අයියෝ අම්මට කිව්වා ෂයිනි.. එයා කැමැති නෑ කියලා ඉවරයි.. මට හිතාගන්න බැරි මගෙයි අයියගෙයි ජීවිතවල තීරණ අම්මා කොහොමද එහෙම ගන්න හදන්නේ කියලා.. අයියා නම් අම්මා කියපු දේ කළා හැබැයි මට එහෙම බෑ.. එනිවේ.. තෑන්ක්ස් ෂයිනි.. ඔයා මේ තරම් ඉක්මණට මාව තේරුම් ගත්තාට ගොඩක් ස්තූතියි..”
විශ්ව කතා කළේ හිතට දැනෙන සැහැල්ලුවත් එක්ක.

******************************************

“අනුත්තරා මම ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයාට හිතාගන්නව්ත බැරි තරම් ආදරෙයි.. මට කවදාවත් ඔයාට බොරුවක් කරන්න බෑ අනූ.. මගේ අනූට බොරුවක් කරන්න මට බෑ..”
විශ්ව එහෙම කියලා අනුත්තරාගේ හීනි තොල් පෙති තමන්ගේ තොල්වලින් හිමින් ඉඹින්න ග්තතා. උණුහුමට දැනෙන විශ්වගේ තොල් දෙක තමන්ගේ තොල්වලින් අනුත්තරා අල්ල ගත්තේ හීනේන වගේ.. හිතේ තියෙන ආදරයයි වෙන්වෙලා යන නිසා දැනෙන දුකයි එක්ක මේ හැඟීම් මොහොතකට පාලනය කර ගන්න දෙන්නටම බැරිවුණා. නොනවත්වා වැටෙන වැස්සත් එක්ක සීතල වෙලා ගිහින් තියෙන මේ රෑ විශ්වගේ උණුහුමට අනුත්තරා ගුලි වුණේ දරා ගන්න බැරි තරම් ආදරෙන්.
“අනූ මං මැරුණොත් ඇරෙන්න මේ ආත්මේ ඔ්‍යාට මං බොරුවක් කරන්නේ නෑ..”

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart