Sale!

Daiwaye Theeranayak දෛවයේ තීරණයක්

රු640

Author – Nishee Botheju

Publisher – Nishee publication

Publishing year – 2021

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: NDN0007 Categories: , Tag:

සුමනසිරි කියන දේවල් අහගෙන විහාරා කල්පනා කළා. මේ හැමදේම තමන්ගේ අක්කට ලැබෙන්න තිබුණ දේවල්. ඒ හැමදේටම පයින් ගහලා අක්කා යන්නම ගියාම මේ තරම් ආසාවෙන් එකතු කරපු හීන ඇස් ඉස්සරහාම බොඳ වෙලා යද්දී මාධවට කොයිතරම් නම් දුක හිතෙනවා ඇත්ද කියලා විහාරා හිතුණා. හිමින් කාර් එකෙන් එළියට අඩිය තියලා බැස්සම ඇඟට දැනෙන සීතල ඉවසගන්න බැරි වුණා. දෙසැම්බර් මාසය පටන් ගන්න ඔන්න මෙන්න නිසා කොහොමත් දැන් මේ කාලෙට නුවර එළිය සීතල වැඩියි. ඒත් එක්කම වගේ හෝටලේ සේවකයෝ දෙන්නෙක් ඇවිල්ලා තමන්ගෙයි මාධවගෙයි බෑග් දෙක අරන් ඇතුළට යනවා විහාරා දැක්කා.
***********************************
සමාරාගේ මූන හැම තත්පරයකම මැවි මැවී පෙනෙන්න ගත්තා. අවුරුදු දහයක් තිස්සේ ආදරේ කරපු කෙල්ලව අමතක කරලා කොහොමද අම්මා හොයලා දෙන කෙනෙක් වුණත් කසාද බඳින්නේ කියන ප්‍රශ්නය මාධවගේ ඉස්සරහ තිබුණා.
“කමක් නෑ.. අම්මාගේ හිත රිද්දන්න බෑ මට.. සමාරාගේ හිත රිද්දන්නත බෑ.. මොන දේ වුණත් දෛවය මගේ ජීවිතේට දෙන දේ මම සතුටින් බාර ගන්නවා..” මාධව රෑ වෙනකම් කල්පනා කරලා විසඳුමක් නැති තැන තමන්ටම කියාගෙන ඇස් වහ ගත්තා.

***********************************

“අනේ මාධව මට ඔයාව ඕනේ මාධව.. කවදාවත් ඔයා ඇරෙන්න වෙන පිරිමියෙක්ට ආදරේ කරන්න බෑ.. ඒක මම කොහොමද ඔයාට තේරුම් කරලා දෙන්නේ.. වෙන ගෑනියෙක්ගේ හුස්මක්වත් ඔයාට වදිනවට මම කැමැති නැහැ.. ඔයා ඒක දන්නවා නේද මාධව.. කියන්න ඔයා ඒක දන්නවා නේද..?”
සමාරාගෙන් ඇවිත් තිබුණ පළවෙනි මැසේජ් එක කියවන් යද්දී විහාරාගේ අත් දෙකම වෙව්ලන්න පටන් ග්තතා. ටික වෙලාවකට කලින් මාධවගේ පපුවේ උණුහුමට තුරුල් වෙලා හිටිය හැටි විහාරාට මතක් වුණා. මධාව වගේ පිරිමියෙක්ට ආදරය නොකර ඉන්නේ කොහොමද? ඒ වගේ තේරුම් ගැනීමක් තියෙන මාධවව දාලා යන්න තරම් අක්කා හිත හදා ගත්තේ කොහොමද?

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart