“ලව්ලි.. ලව්ලි… ලව්ලි… ලව්ලි..”
එක තාලෙට එක රිද්මෙට එක සද්දෙට හතර වටින් ඇහේනනේ එකම එක නමයි. ලව්ලි.. ඔව්.. ඒ මගේ නම. එතකොට මේ තැන. කොල්ලුපිටිය. හරියටම කිව්වොත් මෙරීන් ඩ්ර්යිව් එක පටන් ගන්න හරියේ තියෙන පළවෙනි අතුරු පාර දැන් වෙලාව මං හිත්නනේ. රෑ.. අහ්.. නැ නෑ මචං.. රෑ නෙමෙයි. පාන්දර හතරට හතර හමාරට විතර ඇති. මොකක්ද දැන් මෙතන වෙන්නේ..? වෙන්නේද? මාත් එක්ක තව හතර දෙනෙක් බෙටින්වලට ස්ට්‍රීට් රේසින් යන්නයි හදන්නේ.. ස්ටීට් රේසින්.. හහ්. ඒවා ලංකාවේ තහනම්නේ.. ඔව් තහනම්.. දවල්ට.. හැබැයි දවල්ට තහනම් වෙන ගොඩක් දේවල් වලංගු වෙනවා .. මේ කොළඹ අහසට යට.. රෑට..
**********************************
“නි.. නිදහස් කරන්න.. ඒත් සර් එහෙම කරන එක අසාධාරණයිනේ.. ඒ මනුස්සයාව මම අල්ලා ගත්තේ නීති වීරෝධී විදියට රේස් පැදපු හින්දා..”
“ක්‍රිෂාන්.. මම කලිනුත් කිව්වා.. අපිට එහෙම හිතු මනාපේට කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගන්න බෑ කියලා.. අනෙක තමුන් ඇවිල්ලා දැන් රථවාහන අංශයේ ඉන්න නිළධාරියෙක්.. ඉතින් තමුන්ට අවසරයක් නෑ සාමාන්‍ය පොලිස් නිළධාරියේක වගේ ගෙවල්වලට ගිහින් මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න..”
**********************************
“අර කෙළවරේම මේසේ ඉන්නේ එයා ලව්ලි..”
ගෑනිටත් තියෙන හදිස්සිය බලපංකො ඉතින්.. එතෙන්ට යන්නත් කලින් ඔන්න දුර තියාම චරිතය පෙන්නනවා. හැබැයි මචං පටන් ගැනීමේදීම වැඩේ වර්චස් වගේ. මොකද අපිට පිටුපාලා අදාල තැන හිටියේ පොලිස්කාරයෙක්. නිකන් එකෙක් නෙමෙයි.. කාකි ඇදුම දෙපැත්තේ සුදු පටි දෙක තියෙනවා කියන්නේ.. ඔව් ඌ ට්‍රැෆික් පොලිස්කාරයෙක්. අපි ඒ හරියට ළං වෙද්දීම මිනිහා ආපහු හැරුණා. හුටට හුටස් ටකට ටකස්. මේ ලංකාවේ මෙච්චර මිනිස්සු ඉද්දී.. අයියයියෝ බං එතන ඉඳගෙන හිටියේ අර නසරාණි බෝදිලිමා.
**********************************
“මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ලව්ලි ඇයි මේකි මේ තරමටම සමාජෙන් වහන් වෙන්න හදන්නේ කියලා.. කෙල්ලෙක් හින්දා එහෙම කරනවා කියලත් කියන්න බෑ.. මොකද ඔය ඕන තරම් කෙල්ලෝ ඉන්නවනේ රේස් පදනි.. එහෙම වෙලත් ඕකි ඔය විදියට හැසිරෙනවා කියන්නේ මොකක් හරි මොකක්ම හරි ලොකු හේතුවක් ඒක පිටිපස්සේ තියෙනවා කියන එක බං..”
අරා කියන්නේ සාමාන්‍යයෙන් මටයි බැපාටයි වැඩිය ප්‍රශ්නයක් දිහා වුණත් ටිකක් විතර බර දාලා බලන මනුස්සයෙක්.. එක පාරක් නෙමෙයිනේ මචං.. දෙපාරක්ම කෙල්ලව කන ගාවින් මට මිස් වුණා.. ඇත්තටම මං මුලදි හිතාගෙන හිටියේ දවසින් දෙකෙන් මේ කෙල්ලෙග් සීන් එක ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා.. ඉටිත් එක්ක කලවම් කරපු ඔට්ටපාලු වගේ මේ ප්‍රශ්නේ තාමත් ඇදි ඇදී යනවා උත්තරය්ක නැතුව සෞරග්‍රහ මණ්ඩලේ වටේම.
Reviews
There are no reviews yet.