“අහන්න පණ.. අනේ නාඬා ඉන්න වස්තුව.. කොච්චර කෙල්ලෝ හිටියත් සිහිනි උමාල්ගේ විතරයි.. උමාල් සිහිනිගේ විතරයි.. මම තේෂා එක්කත් කිව්වේ.. මතකද..? හ්ම්..” ඔහු නැවත නැවත ඇයව සිප ගත්තේය.
“ඉතින් කියන්නකෝ බබා එහෙම නේද..?”
ඇය ඔව් කියවෙන්න යද්දී මුව වසාගෙන හිස සෙලවූවාය. උමාල් එය දුටුව ද නොදුටුවා සේ හැසිරුණේය.
“ගුඩ්.. මේ අහන්න පැටියා..”
කියූ ඔහු ඇයව පරිස්සමට යහනේ වාඩි කළේය. ඇයගේ කරට අත දමා ගනිමින් ඔහු ඇය අසලින්ම වාඩි වූවේය.
“ලෝ.. ෂි..තව බැඳලා..” ඇය මිමිණුවාය.
“ඔව්.. එයාව බැඳලා..” උමාල් කීවේය.
“ඔයා මාව බඳින්නේ නැද්ද..?”
“කියන දේ කරන්න සිහිනි.. ප්රශ්න අහන්න එපා..”
“ඔයාට පිස්සුද උමාල්.. මේ බබා ඔයාගේ..”
දන්නවා.. දන්නවා.. ඒ වුනාට දැන් මම කියන දේ අහන්න මැණික.. කියන දේ කරන්න..”
“මට බැහැ.. මට බැහැ එහෙම කරන්න..”
වරක් එලෙසින්ම දිය යට ගිලී ගොඩට ආවද ඔහුගේ නුරාගී හැඟුමන් දනවන ගැඹුරු හුස්ම ඇයf්ග සවන් පත් අද්දරින් ඇසුණ ද ඇයට ඒ කිසිවක් නොදැනිණි. ඔහුගේ රහස් කෙඳිරුම් ලෙංගතු පිරිමැදීම් ඇයට නෑසෙන තරමට ඇය සිතින් නොසන්සුන් වී සිටියාය.
නිවැසිය්න මේවා දන්නේ නම්.. ලෝෂි හා තමාගේ විවාහය ගැන නොදන්නේද..? එම විවාහය ගැන සැවොම දැනුවත් බව විශ්වාසය. එය ලෝෂිගේ කතාවලින් පැහැදිලිය. එසේ නම් උමාල් නිවැසිය්න ඔහු පිළිබඳව දන්නේ යැයි කියා තමාට පවසන්නේ මුසාවකි.
“අහන්න මගේ චූටි මැණිකේ..ඔයාට මාව විශ්වාස නැහැ.. ඒ නිසා ඔයාට මගේ ආදරේ තේරෙන්නේත නැ.. ඒ නිසා ඔයාට මොකුත් කියලා කරන්න බැහැ..’‘ ඇයගේ නොසන්සුන්කම පහ නොවෙන බව දැනෙද්දී උමාල් හඬ අවදි කළේය.
Reviews
There are no reviews yet.