Sale!

Bangalawen Billak බංගලාවෙන් බිල්ලක්

රු640

Author – Lasitha Raveen Umagiliya
Publisher – Prathiba publishers
Publishing year – 2021

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: BLP005 Categories: , Tag:

ලසිත රවීන්ගේ සීඅයිඩී කතා මාලාව

“අද උදේ නැඟිටිද්දී කාමරේ දොර ළඟ කඩදාසියක් වැටිලා තිබුනා. බැලූ බැලූමටම පෙනුණා ඒක දොර යටින් කාමරේ ඇතුළට තල්ලු කරලා තිබුණු බව..” ඔහු පැවසී්‍ය.
“මොනවද ඒකේ තිබුණේ..?”
“නිහඬව උරුමය අතහැරපන්.. නැතිනම් මරණය..” බුද්ධි පැවසුවේ අවධාරණාත්මක ස්වරයෙනි.
“එහෙම නං ඉතින් පැහැදිලිවම දේපළ සම්බන්ධ ප්‍රශ්නයක් වගේ… කාටද වලව්ව අයිති වෙනවා කිව්වේ..?”

********************

දළ බෑවුම ආරම්භ වූ ස්ථානයේ සිට පහළට ගමන් කිරීම තරමක් අවදානම් සහති කටයුත්තක් වූ අතර අපි වඩාත් කල්පනාකාරී වීමු.
“වාහනේ වැදිලා තිබුණේ බොනට් එකේ දකුණු පැත්තට ටික්ක බර වෙන්න..” රණසිංහ පැවසී්‍ය.
එසේ වුවද ජගත්ගේ වැඩි අවධානය යොමුවූයේ එම වෘක්ෂය වෙත නොව මෝටර් රථය බෑවුම ඔස්සේ ඒ දෙසට පැමිණ තිබූ මාර්ගය වෙතය. ඔහු එම සිද්ධි දාමය මනසින් පෙළගස්වමින් සිටින බව වැටහුණෙන් මම නිහඬව සිටියෙමි. එහෙත් උප පොලිස් පරීක්ෂකයා වරින් වර විවිධ කරුණු පවසමින් ඔහුගේ අවධානය තමා වෙත යොමු කර ගැනීමට උත්සාහ ගත්තේය.
“මම මෙතැනට එද්දී බුද්ධිව වාහනෙන් එළියට අරගෙන තිබුණා.. හැබැයි සිහිය තිබුණේ නැහැ. මෙන්න මෙතන බිම දිගා කරවලා තිබුණේ..’‘ ඔහු පැවසුවේ රුධිර පැල්ලම් යැයි සිතිය හැකි කිසයම් දුර්වර්ණ පැල්ලම් කිහිපයක් සටහන්ව තිබූ ස්ථානයක් පෙන්වමිනි.

********************

සදෝරිස් පුංචිරාලගෙන් ප්‍රශ්න කිරීමට ජගත් නොඉවසිල්ලෙන් පසු වූ බව මම දැන සිටියෙමි. එහේත ඔහු සිය හැසිරීමෙන් එව්න කිසිදු හැඟිමක් පළ නොකළෙය්. ප්‍රථමයෙන් පියගැට පෙළ තරණය කර උඩුමහල කරා පිවිසි ඔහු එහි ආරක්ෂාව පිණිස රඳවා සිටි කොස්තාපල්වරයා හමු වූයෙය්. සිරිල් නම් වූ සැරයන්වරයා සිය ස්වයංක්‍රීය පිස්තෝලය නිරතුරු හිණෙහි වූ හ්ම ආවරණයේ රඳවාගෙන සිටිනු පෙනිණි. ඔහු ජගත් අබේනායක මහතා දැක ආචාර කළෙය්.
“පීසී අපි ආවේ තව ස්ටේට්මන්ට් වගයක් ගන්න අවශ්‍ය වුණු නිසා. කොහොමත් රෑටත් කල්පනාවෙන් ඉන්න. මොකද මේ මරණය ගැන මගේ හිතේ තවම සැකයක් තියෙනවා.. තව රිපෝට් කිහිපය්ක ගන්න කියලා මම පෝස්ට් මෝරටම් එක කළ ඩොක්ටරගෙන් ඉල්ලුවා. ඒක රිපෝට් එක ඉක්මණට ලැබෙයි..” මගේ මිතුරා පැවසීය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart