Sale!

Ahas අහස්

රු920

Author – Chethana de Silva
Publisher – Ahas publishers

Year – 2022

Availability: 5 in stock

Add to Wishlist
Add to Wishlist
SKU: ACA 006 Categories: , Tag:

අහස් හැරී බැලුවේය. ඔහු පිටුපස සිටි යුවතියගේ මිට මෙලවූ අත ඔහුගේ මුහුණ හරහා වැදුණේ ඔහුට දෙවියන් සිහි කරවමිනි. ඔහුගේ යහළුවන් ඉඳ සිටි අසුන්වලින් නැඟී සිටියේ විමතියෙන් මුව විවර කරගෙනය. ඔහු පුපුරු ගසන කම්මුල අල්ලා ගත්වනම ඇය දෙස බලද්දී ඇය තරහි්න මුහුණ රතු කරගෙන වහා අහස්ගේ දෙවුර අල්ලා ඇගේ දණහිසින් ඔහුගේ කකුල් දෙක මැදට ගසන්නට යත්ම ඔහු වහා ක්‍රියාත්මක වී දෑතින්ම තම ජීවිතයේ වටිනාම අංගය ආරක්ෂා කර ගත්තේය.

“ගුඩ් මෝනිං ටාසන් කෙල්ල.. තාම ගහක් උඩ ද?”
ඒ හඬ ඔහුගේය. ඇය ජංගම දුරකථනය කණ තබාගෙනම පුටුවෙන් නැඟිට කාමරයේ ජනේලය ළඟට ළං වුණේ හදවත පුරා සතුට ඉතිරී යද්දීය.
“මගේ නම්බර් එක කොහොමද හොයා ගත්තේ?”
ඇය ඇසුවේ ජනෙල් රෙද්ද කොනිත්තමින් හිත දැනෙන ගැස්මෙන්ය.
“ඊයේ හවස කාඩ් එක දීපු වෙලේ ඉඳන් ෆෝන් එකට ඊමේ එකක් ආවොත් ඒ මේඝාගනෙක් ද කියලා බලන් හිටියේ.. පොල් අකුරෙන්ම ෆෝන් නම්බර් එක ඒකේ ටයිප් කරලා තිබ්බනේ..”
දෙනෙත් කොට්ටය බදාගෙන යහන මත පෙරළුණේ සිනහව්ක මුවඟ රදවාගෙනය.

ඔහු ඉටිපන්දම නිවා දමා රෙද්ද ඇඟ මතට දමා ඇගේ ඇඳුම් ගලවා දමන්නට විය. එක එක ඇඳුම ඔහු අතින් ගැලවෙද්දී ඔහුගේ තුරුණු සිත අසාමාන්‍ය ලෙස නොසන්සුන් වුවත් ඒ හැඟීම මැඩගෙන ඔහු එය ගලවා දැම්මේය. ඉන්පසු රෙද්දෙන් උණුසුමට ඇයව ඔතා ඉටිපන්දම පත්තු කළේය. ඇගේ ඇඳුම් දිග හැර වේලෙන්නට දැමූ අහස් මේඝා අසළට ළං ව ඇගේ නළලට අත තැබුවේය. ඇගේ සිරුර ගිනිගෙන දැවෙයි. අහස්ගේ සිත ඇය වෙනුවෙන් වද වෙන්නට විය. ඒ ඇයි ද කියා සිතන්නට ඔහු වෙහෙසුණේ නැත. ඔහු හෙමිහිට ඇගේ මුහුණ දෙස බැලුවේය.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart