“සර් අපිට විනාඩියක් සර් එක්ක කතා කරන්න පුළුවන් ද..?”
වාසුල රත්නායක. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව සිටිනා දක්ෂ නිළධාරියෙකි. මාධ්‍යවේදීන් පොකුරක්ම ඔහුව ඇවිත් වට කර ගත්තේ අපරාධය සිදු වූ ස්ථානයට පැමිණ ඔහු මූළික අධීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු පඩිපෙළ බැහැගෙන යද්දීය. මුන් කූඩැල්ලන් වගේය. කතා කළත් ප්රශ්නය. කතා නොකළත් ප්රශ්නය.
“වාසු නිළියකට කේස් එක වෙලා තියෙන හින්දා මට හිතෙනවා මීඩියාවලට කතා කළොත් හොදයි කියලා..’
පිටුපසින් සිටිමින් වාසලගේ කනට එසේ මිමිණුවේ මාලින්දය.
‘වාසුල සර්.. අපිට පොඩ්ඩක් කියන්න මේක මිනීමැරුමක් ද එහෙම නැත්නම් සියදිවි නසා ගැනීමක් ද කියලා..”
***************************************
“මිස්ටර් පරණගමගෙයි මිසිස් අයෝධයායි අතරේ තිබ්බ ලිංගික සම්බන්ධතාවය කොයි වගේ එකක් ද..,”
කට උත්තරකරු ප්‍රධාන නිළධාරියා දෙස බැලුවේ . නැත. ඔහු බැලවුණේ දැනුණු දෙගිඩියාව නිසාය.
“ස… සර්..”
“ඔව්..’
“මට සමාවෙන්න සර් මෙහෙම අහනවට.. ඔය වගේ පෞද්ගලික ප්‍රශ්නයක් සර් ඇයි අහන්නේ කියලා මට දැන ගන්න පුළුවන් ද.?”
“මිසිස් අයෝධ්‍යාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරපු ඩොක්ටර් කුමාර මනම්පේලි එයාගේ වාර්ථාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මිසිස් අයෝධ්‍යාගේ ලිංගික ප්‍රදේශවලට හානි සිදුවෙලා තියෙනවා කියලා.. නමුත් එහෙම හානිවෙලා තියේනනේ ඇයව ඝාතනය කරපු දවසෙ නෙමෙයි. ඉතින් දැනට අපි නිගමනය කරන්නේ ඔය දෙන්නා අතරේ තියෙන සම්බන්ධය නිසා එහෙම දෙයක් සිද්ධ වෙන්න ඇති කියලා.. මිස්ටර් පරණගමට ඒකට උත්තර දෙන්න බැරි නම් කමක් නෑ.. අපි දෙවනි මට්ටමේ පෝස්ට් මෝටම් එකකට ගිහිල්ලා ඒ ගැන හොයා ගන්නම්..”
***************************************
වාසුල සිතාගෙන සිටියේ තමාට ප්රශ්නය ඇත්තේ මාධ්‍ය සාකච්ඡාවලදී කියනා නොකියනා දේවල් තෝරා ගැනීමට පමණක් කියාය. නමුත් ස්නේහා පවසන්නේ එදිනෙදා අවස්ථාවලදීත් තමාට ඒ තෝරා ගැනීම හරියාකාරයෙන් සිදු කර ගත නොහැකි බවය. ඒ පිළිබඳව එතරම් සිතිය යුතුද?
නැත.
“කතා කරන චන ගැන හිත හිතා කා කරන්න මං ඔයා වගේ මීඩියාකාරයෙක් නෙමෙයිනේ..’
ඉතින් ඔහු බොහොම සරලව සැහැල්ලුව එම චෝදනාවෙන් ලිස්සා ගියේය. එය සැලකිය යුතු මට්ටමේ පිළිතුරකි. එහෙත් ස්නේහා එය බාරගත් බවක් පෙනෙන්නට නැත.
“ඇයි මීඩියාකාරයෝ විතර ද හරියට කතා කරන්න ඕනේ.”
***************************************
නයනතාරා තමාගේ සිරුරෙහි තැන් තැන්වල තිබූ තුවාල කිහිපය්ක වාසුලට පෙන්නුවාය. සමරහක් තුවාල සිරීම් නිසා ඇති වී තිබිණි. තවත් සමහරක් තැලීම් නිසා ඇති වී තිබිණි. ඒ අතරේ කරෙහි බේලලට පිටුපසින් කෙස් වැටියට වැසී යම් සපා කෑමේ තුවාලයක් ද තිබිණි. මාලින්ද මානසික විකෘතිකයෙක්ද? මේ තුවාල දකිද්දී වාසුලගේ සිත ඇතුළතිනුත් ඒ ප්රශ්නය පැන නැංගේය. නමුත් අනෙක් අතට මෙයත් කාන්තවාගේ රඟපෑමේම කොටසක් යැයි තරුණයාට සිතෙන්නට විය.
“ඔයා හිතයි මං මේ තුවාලත් බොරුවට හදා ගත්ත එවා කියලා. නෑ වාසලු නෑ.. මේ විදියට මට සැලකුවේ මාලින්දම තමයි..”
Reviews
There are no reviews yet.