Sale!

සඳ දකින සඳ Sada dakina Sada

රු1020

Author – Kalpani Kaviraj
Publisher – Storyflix
Year – 2023

Add to Wishlist
Add to Wishlist
SKU: SKS 002 Categories: , Tag:

ආදිත්ය යනු සීතල හැඟීමකි. ඔහු තවමත් මා වෙනුවෙන් බලා හිඳින්නේ දැයි මම නොදනිමි. නමුත් මගේ යටි සිත නිතර දෙවේලේ ඔහු පතයි. තැලී පොඩි වී බිඳී විසිරී ගිය අවාසනාවන්ත ගැහැණියක වන මම ඔහුට ළං වීමට බිය වෙමි. ඒ ඔහු පිළිබඳ මගේ හදවත තුළ නොනැසී පවතින පාරිශුද්ධ හැඟීමට හානියක් වෙතැයි මට දැනෙනා අනියත බිය නිසාවෙනි. නමුත් ඔහුගේ කාරුණික බැල්ම , දෙකම්මුල් වල ගැසෙනා සිනහව මට දැනුදු දෑස් ඉදිරිපිට මැවෙන්නේය. ඔහුත් මාත් අතරේ දිගු අතීතයක් නොවුණ ද ඒ කාරුණික හදවත මම තදින් විශ්වාස කරමි. මම නිරන්තරයෙන් ඔහු හා සිතින් දොඩමළු වෙමි. ආ ගිය තොරතුරු කතාබස් කරමි. සිතැඟි විමසමි. සිනාසෙමි. හඬමි. ඉදින් මට පාළුවක් නැත්තේය. නමුත් මල් බර වසන්තයක් පැමිණෙන තෙක් මගේ යටි සිත නිරන්තරයෙන් මග බලයි.

****************************
ගෙන යන්නේ අතිශය ආත්මාර්ථකාමී ක්රියා පිළිවෙතක් බව මම හොඳාකාරවම දනිමි. නමුත් මට කළ හැකි වෙනත් යමක් නැත. කාමරය අගුලු ලා ගත් මම බීර වීදුරුවක් පුරවා අතට ගෙන ජනෙල් කවුළුව වසා තිබූ තිර රෙද්ද මෑත් කළෙමි. අහස් ගැබ පුරා සඳ එළිය සමාන්තරව විහිදී ඇත. ඈත තුරු වදුලක සිට කෑ ගසනා රැහැයියෙකුගේ හඬත් නුදුරෙන් පිහිටි රුවන්වැලි සෑ පුදබිමෙන් නැගෙනා පිරිත් දේශනාවක තුනී හඬත් හැරෙන්නට පරිසරයම නිස්කලංකය. නිහඬ බව යනු මෙතරම් දරුණු ව්යාධියක් බව මා මින් පෙර දැන නූන්නෙමි. මිනිසුන් වී උපදින්නෝ මිනිසුන් හා ගැටිය යුතුමය. මිනිසුන් ඇසුරු කළ යුතුමය. මින්සුන්ගෙන් මිදී තනිව වෙසීම පහසු නැත.

*************************

රුණී පසුපස පන්නාගෙන ගොස් තවත් පහර කිහිපයක් ඇයට එල්ල කිරීමට මට සිතෙයි. ආදිත්ය මෙහි නොඉන්නට තත්ත්වය මිට වඩා බොහෝ වෙනස් වන්නට ඉඩ තිබිණි. මා කාය ශක්තියෙන් උසස් එකියක බව මම දනිමි. කුඩා කල චතුර අයියා සමග දබර වී පොර අල්ලනා විට මා කිසි දිනෙකත් ඔහුට දෙවෙනි නොවූයෙමි. පුංචි අම්මා හෝ ලොකු අයියා පැමිණි අප දෙදෙනො දෙපසට කරන තෙක් මම ඔහු හා හරි හරියට පොර බැදුවෙමි. කටේ හයිය කෙසේ වෙතත් චාරුණිට මා හා පොර බදන්නට ශරීර ශක්තියක් නැත. එක් අතකට ඇය බඩදරු අම්මා කෙනෙකි. සියල්ල මැඩගෙන පසුතැවීමක් මසිත වසා ගන්නට ගත වූයේ තත්පර කිහිපයක් පමණී. මට එසේ නොකර ඉන්නට තිබිණි.
“දැන් හිතන්න එපා”
මා සිත කියවන්නාක් සේ ආදිත්ය හෙමිහිට කීවේය. ඔහුගේ මුහුණෙහි වූයේ මහා සටනකින් පසුව ඔහු නියෝජනය කරනා පාර්ශවය පරාජයට පත් වූවාක් මෙන් වෙහසකර පෙනුමකි. සෑම අතකින්ම අවාසිය මටය. සියුම් ලැජ්ජාවක් යටි සිතෙන් උඩට මතු වෙයි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart